විසිතුන් වන දිගහැරුම ................
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.
"බෝ බෝ දැන් ඇති නේද"
ශාන් යීබෝගේ දෙතොලෙන් හෙමින් ඉවත්වූයේය.....
යීබෝ ශාන් දෙස කෙටි වේලාවක් බලා හිද
" අපි යනකොට මුකුත් තිබුනෙ නෑනේ .. ඔයා කොහොමද මෙව්වා කලේ...."
" මම ෆෑන්ග් එක්ක එකතුවෙලා දැන් සතියක් වෙලේ ඉදන් මේක ලැස්ති කලේ බෝ බෝ...."
" හ්ම්ම්....එහෙනම් අර මට හොරෙන් කෝල් ගත්තෙ ෆෑන්ග් ටද "
ශාන්ගේ මුවඟට සිනාවක් පහල විය...
" පුදුමයි ඒක අල්ලගෙන රන්ඩු නොවී හිටියා..."
" මේක ඉවරවෙලා ඇවිත් ඒකට අල්ලගන්න හිටියේ......"
යීබෝ ශාන් දෙස හොරැහින් බලමින් පැවසීය....
"බෝ බෝ ඊලඟ තරඟයට දැන්ම දින දෙන්නෙ නෑ... ඒක නිසා දැන් විභාගය ගැන ඔයා හිතන්න ඕන තේරුනාද ...."
"හ්ම්ම්ම්... "
"හ්ම්ම් නෙවෙයි මේ වගේම මට ඒකෙනුත් ඔයා දිනනවා බලන්න ඕනෙ බෝ බෝ...."
"ඒකෙන් දිනුවොත් මට මොනවද දෙන්නෙ ..."
යීබෝ ශාන්ගේ දෑස්වල එබී ඇසුවේය ..
" බෝ බෝ.... ඒක...... එතකොට නේ...."
ඇත්තෙන්ම ශාන්ට යීබෝගේ දෙනෙත් අසලදි සන්සුන් වී සිටීමට දැඩි වෙහෙසක් දරන්නට සිදුවේ... විටෙක සියල්ල අතහැර දමා හැගීම් වලට ඉඩදෙන්නට සිත කිව්වද තමන්ගේ අරමුණ එය නොවන බව ශාන් නිරන්තරයෙන් සිහි කරන්නේය...
" බෝ බෝ .... අපි දෙන්නටම මහන්සී ඒ නිසා යමු වොෂ් දාලා නිදාගමු... "
ශාන් ඉක්මනින් සෝපාවෙන් නැගිට තුවායත් රැගෙන නානකාමරයට වැදී දොරවසා ගත්තේය.....
යීබෝ ශාන් දුන් නෙක්ලස් එක හා පෙන්ඩන්ට් එක එහා මෙහා හරවමින් හැඩ බලමින් සිටි අතර මදක් හාන්සිවී ශාන් එනතුරු මීට මොහොතකට පෙර සිදුවුනු සිදුවීම් මෙනෙහි කරන්නට විය....
ශාන් නානකාමරයෙන් එළියට පැමිණ බලන විට යීබෝට සෝපාවේම නින්ද ගොසින් ය...
එක් ඇලයකට හැරී පුංචි දරුවකු මෙන් නිදාසිටින යීබෝ දුටුවිට ශාන්ගේ පපුව ඇතුලෙන් ආදරණීය තෙරපුමක් ඇඳී ගියේය . හෙමින් ඔහු අසලට පහත්වී ඒ පිරිපුන් කම්මුලකට සියුම්ව හාදුවක් දුන්නේ දැනුනු හැඟීම් දරාගන්නටම බැරි තැනදීය..
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....