⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
සියල්ල හොදින් විසදෙන විට ශාන්ටද මාස හයක සහනයක් ලැබුනි... කොරියාවේ නැන්දාගේ දුව ෂූයීෂී ට අවසන් කලයුතු විභාගයක් හේතුවෙන් විවාහය ගැන කතාකිරීම මාස හයකට කල් ගියේය ... ශාන් එකින් එක ප්‍රශ්න විසදාගැනීමට සිතාගෙනම කම්පැනියට හවුල්විය... ඒ නිසාම ෂියාඕ මදක් මෙල්ලවිය...
තරඟය අවසන්වී සතියක් යන්නටත් පෙර යීබෝට විශාල ජනප්‍රියත්වයක් ලැබුනි... දැන්වීම් කිහිපයකටත් ආරාධනා ලැබුනේ ඔහුගේ පෙනුම සහ හැකියාව ඒවාට හොදින්ම ගැලපුනු බැවින් ය.... මේ සියල්ල ජියැන්ග් ඉතා වගකීමෙන් මෙහෙයවූයේ ශාන් ආයතනය සමගින් කාර්‍ය බහුල නිසා ය .. යීබෝට නර්ථන ප්‍රසංග සදහා ආරාධනා ලැබීමද ඔය අතර ආරම්භවිය...
ශාන් ඔහුට පුලුවන් සෑමවිටම යීබෝ සමගින් සම්බන්ධ වූ අතර එපාර්ට්මන්ට් එකටද නිතරම ආවේය ... නමුත් දැන් යීබෝ ශාන්ටත් වඩා කාර්‍ය බහුල වී ඇත...
මාසයක් මේ අයුරින් ගෙවී ගියේය .. එදා ශාන්ට උදේ වරුවම හුස්මගන්නටවත් නොහැකි ලෙස වැඩ අධිකවිය... ඒත් උදේ පාන්දරින්ම අවදිවීමටත් පෙරම ශාන්ගේ energy dink එක .... යීබෝගෙ වීඩියෝ ඇමතුම හැමදාමත් ලැබෙන්නේය...
"ගුඩ්මෝනින් බෝ .... බෝ......"
" ඒ මගෙ කම්මැලි චාන්ගා .... නැඟිටින්නකෝ..."
ශාන් තවමත් සිටින්නේ දෑස් පියාගෙනයි...
" හ්ම්ම්ම්ම්...."
" ඔය ඇස්දෙක අරින්නකො මැණික ...."
ශාන් හෙමින් හෙමින් ඇස් ඇරියේය .... යීබෝ අදත් Tv program එකකට යනබව ඊයේ සවස පැවසූ බව ශාන්ට සිහිවිය...
ඔහු දැන් පෙරටත් වඩා කඩවසම් බව ශාන්ට සිතුනි....
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....