තිස්වන දිගහැරුම

2.2K 417 78
                                    

The miracle of love ...............❤️💚❤️💚

උදෑසන අවදිවූ ශාන් ඉක්මනින් සූදානම්වූයේ මව බැලීමට රෝහල වෙත යන්නටයි.... පඩිපෙල බැසගෙන පහලට එනවිට පපා ඔහු බලාපොරොත්තුවෙන් මෙන් සෝපාවෙහි අසුන්ගෙන සිටියේය ...

" කොහෙද යන්නෙ උදෙන්ම..."

" මමා බලන්න යනවා... යැන්ලි අක්කවත් එක්ක යන්න ඕනෙ..."

" තමුන්ට මගෙ තීරණය දැනගන්න ඕනෙ නැද්ද ..."

" අනිවාර්යයෙන් ඕනෙ..."

" ඒත් ඔක්කොටම කලින් තමුන් මට කියන්න ඕනෙ මගෙත් එක්ක ඔහොම කතාකරන්න තමුන්ට කොහෙන් ආපු හයියක්ද කියලා ...."

" මම වැරැද්දක් කිව්වෙ නෑනෙ පපා... මම මාස හයක් ඉල්ලුවා විතරයි ඒකත් මම භාරව ඉන්න පන්තියේ දරුවො ටික විභාගයට මූණ දෙනකල්..."

" හ්ම්ම්.... හොදයි... හැබැයි ශාන් මාස හයට වඩා එක මිනිත්තුවක් තමුන්ට ලැබෙන්නෙ නෑ ..."

"ඕකේ පපා.... "

මිස්‍ටර් වැන්ග් නැගිට ඔහුගෙ කාමර වැදුනි...

ශාන් මමා බැලීමට යැන්ලි සමගින් යනවිට ජියැන්ග් ද ජීනායි සමගින් එහි පැමිණ සිටියේය....

ඔවුන් ගියපසු ශාන් වෛද්‍යවරයා මුනගැසීමට ගියේ මව ගැන තොරතුරු දැනගැනීමටයි... ඔහු පැවසුවේ මවට ගෙදර යා හැකි බවයි.... ශාන්ට සතුටක් දැනුනි....

දහවල් දොළහා පමණ වනවිට මව රෝහලෙන් නිවසට රැගෙන ගිය ශාන් මවගේ කාමරයේ මව සමග ඔහුගේ  සැලසුම් සියල්ලම පැවසූයේ වැන්ග් නිවසින් පිටව ගිය අවස්ථාවකයි....

සියල්ල සාවදානව අසාසිටි ඇය ශාන්ගේ තීරණය ගැන සතුටු වූවාය...

" මමා මම අද රෑ යන්නද....."

ශාන් මව අසලින්ම ඇදේ අනෙක් පසින් වාඩිවී ඇසුවේ දෑස් දෙස නොබලාය...

" ඔයාට ඔයාගෙ පුංචි හුරතලේ මතක්වෙනවද හ්ම්ම්...."

මව ශාන්ගේ හිස සෙමින් අතගාමින් ඇසුවාය...

" හ්ම්ම්ම්      .... "

ශාන් මවගේ උණුසුමට තවත් තුරුලුවූයේ කලකට පසුවයි....

" මොනවා කලත් පරිස්සමෙන් මැණික .... "

" මම මොනදේ කලත් කල්පනාවෙන් කරන්නෙ මමා.... "

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now