යීබෝ දෙස යළිත් ශාන් හොඳින් බැලුවේය .. දැන් ඔහු යූඊ සමඟ පිටව ගියොත් ඉන් පසු සිදුවන දෙය හොඳින් අවබෝධ විය. ශාන් යළිත් පංති කාමරයෙන් එළියට පැමිණ"මිස් යූඊ යන්න මට දැන්මම එන්න වෙන්නෙ නෑ. මම ටිකකින් ඇවිත් මිස්ටර් ලයි මුණගැහෙන්නම් කියන්න.. "
ශාන් මදක් උස් හඩින් පවසා මදක් හෝ එහි නොරැදී යලිත් පන්තිකාමරයට ඇතුල්විය....නමුත් ශාන් යලි යීබෝ දෙස බැලුවේද නැත... පාඩමට අවධානය යොමුකලේය .....
පාසල අවසන් වීමට සුලු වේලාවකට පෙර ශාන් විවේකාගාරයට යනවිට මිස් යූඊ ඔහු පසුපසින්ම පැමිණියේ මදක් වේගයෙනි .. ඒත් සමගම ඇගේ අගලක් පමණ උසැති සපත්තුව පෙරලී ශාන්ගේ ඇගටම ඇදවැටුනේය.. ශාන්ටත් කරකියාගන්නට දෙයක් නොමැතිවූ අතර ඉක්මනින් ඇයව නැගිටුවා වචනයක් හෝ කතා නොකර විවේකාගාරයට ඇතුලුවිය... ශාන්ගේ පන්තියේ ළමුන් කිහිපදෙනක් මෙම සිද්ධිය දුටු අතර පන්තියට ගොස් රසකරමින් කියවන්නට විය ..
" දන්නවද අපේ ශාන් සර්ගෙ ඇඟට මිස් යූඊ වැටුනනේ.. බලන්නෙපැයි ජෝඩුව කොහොමද හිටියෙ කියලා .. "
" කොහොමත් මිස් යූඊ ශාන් සර්ට බැල්ම දානවනේ... අද හොදයි ඉතින් එයාට .."
ළමුන් සියලුම දෙනා මහහඩින් සිනාසෙන්නට විය... එවිටම පාසල් අවසන්වීමේ සීනුව නාදවූ පසු සැමට පෙර යීබෝ පාසලෙන් එළියට විත් බයිසිකලයද රැගෙන වේගයෙන් යන්නට විය..
ශාන් පාසලෙන් පිටතට පැමිණ යීබෝ එනතුරු සෑහෙන වේලාවක් බලා සිටියද ඔහු පෙනෙන්නට නැත.. බයිසිකලය ද එහි නැත.. වන්නට ඇත්තේ කුමක්දැයි ශාන් ඉක්මනින් අවබෝධ කර ගත්තේය ..
පුලුවන් තරම් ඉක්මනින් නිවසට පැමිණියත් යීබෝ නොසිටි නිසාවෙන් ශාන් කලබල විය.. ඉක්මනින් නිවස තුලට ගොස් බෑගය තබා යීබෝගෙ නිවස දෙසට ගියේ එහිවත් සිටින්නේදැයි බැලීමටයි .
"මෙන්ලී..... "
ශාන් නිවසට ඇතුලුවූයේ ඇය සාලයේ හිනැහෙමින් සිටිනු දැකීමෙනි....
" ශාන් සර් ඇවිත්"
ඇය ආශාවෙන් සිනාසෙන්නීය..
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....