එකොලොස් වන දිගහැරුම

2.3K 390 17
                                    

The miracle of love ....... ❤💚

දසවැනි දිගහැරුම .........................

🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲

"බෝ.... බෝ.... අනේ හිමීට යමු මාව පැද්දෙනවා..... අනේ...... "

ශාන් මේ යීබෝට පවසන්නේ හිමීටනම් නොවේ.... යීබෝගෙ බොකු බඩවැල් එලියට එන්නම බදාගෙන ඉන්න ශාන් පැත්තකට හැරී හිදගෙන සිටින නිසා ඔලුවත් යීබෝගෙ පිටට තදකරගත්තේ මොනවා සිදුවුනත් නොවැටී සිටීමටයි.....

"ඔච්චර තදට බදාගෙන දැං ඉස්කෝලෙ ලඟට යන්න කලින් මං මැරෙනවා හුස්මගන්න බැරුව..."

යීබෝ සිනහවෙමින් පැවසූවත් ශාන් නෙවෙයි ඔහුව අතහරින්නට සූදානම්...

" අයියෝ අතාරින්න කියන්නෙපා බෝ බෝ....මේක හරියන්නෑ මම බහින්නම්..."

"නෑ.... නෑ... දැං මම නවතින්නේ ඉස්කෝලෙ ගේට් එක ලඟ... "

ශාන් ගේ මේ නුහුරු බව ඒ අවට සිට මේ දර්ශනය දකින අයට පවා විනෝදයක් ගෙන ආවේය ..... ශාන් ඉතාමත් මිත්‍රශීලී පුද්ගලයෙකු බැවින් මේ දින කිහිපයට යීබෝගේ නිවැසියන් මෙන්ම එතැන් සිට පාසලට හා හන්දියට යනතුරු ම සියල්ලන් ඔහුගේ මිතුරන් ය.   දකින දකින අය හා සිනාසීම මෙන්ම විහිලු තහලුවෙන් ඔවුන් හා හැසිරීම ඊට හේතුවයි...

👴" යීබෝ ඔය අපේ මහත්තයා වැටෙයි කොල්ලො... පරිස්සමට "

මගදී මුන ගැසුනු යීබෝගෙ පපාගේ මිතුරකු සිනහවෙමින් පැවසීය....

ඒත් ටිකක් දුර යනවිට ශාන්ට දැන් බිය පහව ගොස් තිබුනි... ඒත් යීබෝගෙන් මිදී දුරස්වන්නට ලෝභකමක් දැනුනු නිසාම තද ග්‍රහණය බුරුල් කලද බඳින් අල්ලාගෙන පිටට හේත්තුවීම සිටියේය ....

යීබෝ ඉතා සෙමෙන් බයිසිකලය පැදවූ අතර ශාන්ගේ සතුට දැක ඔහුට සිනා පහලවිය.. පුංචි දරුවෙකුට ජීවිතේ පළමු වතාවට අත්විදින්නට ලැබෙන අත්දැකීමක් මෙන් මෙවන්වූ පුංචි සරල දෙයකින් ශාන් මෙතරම් සතුටුවේයැයි යීබෝ කිසිසේත්ම සිතුවේ නැත ...ඒ කුමක් නිසාද යත් යීබෝ ධනවතුන් දෙස එදා සිටම වෛරයෙන් බැලීමට පුරුදුවී සිටීමයි....

" දැන්නම් නියමයි බෝ..බෝ... අයියෝ ටිකක් හයියෙං යමුකො... ඔයාට ඕක හයියෙං පදින්න බයද..."

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now