හතලිස් වන දිගහැරුම

2K 429 96
                                    

The miracle of love .......... 💚❤

හතලිස් වන දිගහැරුම ............

🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️

ශාන් ටැක්සියෙන් බැස ගේට්ටුව අසල ඇති බෙල් එක නාදකලේය... ඔහුට තම නිවස දැන් ආගන්තුක ලෙස හැගෙයි.... මින් අංකල් ගේට්ටුව විවෘත කලේය ...

" පුංචි බේබි....."

"පපා ඉන්නවද මින් අංකල් ...."

" හ්ම්ම්ම්... ඉන්නවා ..."

" ශාන් සෙමින් නිවසට ඇතුලුවිය ...."

ශාන්ගේ මව උඩුමහලේ සිට ශාන් නිවසට ඇතුලුවනු දැක ඉක්මනින් පහලට ආවේය...

" ඔයා ටැක්සියකද ආවෙ මැණික ..."

" ඔව් මමා..   කෝ අක්කා ..."

" යැන්ලි උඩ ඉන්නවා ...."

ශාන් උඩට යන්නට හදනවිටම .. ...

" ශාන් මෙහාට එනවා...."

ඒ ෂියාඕ ගේ හඩයි...ශාන් එතැනම නතරවිය..  මව ඔහුට යන්න යැයි ඇසින් සන්කලේය ..  ශාන් මරණයට කැපවුණු ගවයෙකු මෙන් ඉදිරියට ගියේය...

" තමුන් ඊයෙ නේද එහෙන් ආවේ..කොහෙද එතකොට ඊයෙ හිටියේ ..."

" මම මගෙ දරුවෙක්ව  නැටුම් තරඟයකට එක්ක ආවා.. එයාව මෙහෙ එක්ක එන්න බැරි නිසා... පිට නතරවුනා...."

වෙනදා තරම් බයකින් නොවූවත් ශාන් තරමක් ඉවසීමෙන් කතාකලා....

" දැන් කවද්ද තමුන්ගෙ ඔය විකාර ඉවරවෙන්නෙ.. මට පැහැදිලිව ඒක කියනවා.. "

ඒ හඩනම් කේන්තිය උපරිමයෙන් බව අගවන්නකි... ඔහු නැගිට ශාන් අසලට ආවේ වේගයෙනි ..

" ඔයා මට දුන්නු මාස හයට තව සති තුනක් තියෙනවා ...."

මේ කතාබහ යන අතර මමාත් යැන්ලිත් කෑමකාමරය අසල සිටිනු ශාන්ට පෙනුනි...

" තමුන්ගෙ සති මාස මට වැඩක් නෑ.. ඔය කෙහෙල්මල් තරගෙ ඉවරවුනු ගමන් ලෑස්තිවෙනවා ෂුයීෂී ව මැරිකරන්න.... මේ ප්‍රශ්න ඉක්මනින් විසදගත්තෙ නැත්නම් තමුසෙලාට මේ හැමදේම නැතිවෙයි...."

ශාන්ගේ ඉවසීම අන්තයෙනුත් එහාට පැන්නේය .....

" ඔයාගෙ බිස්නස් වෙනුවෙන් විකිනෙන්න මට බෑ පපා... බිස්නස් බාරගන්න ඕනෙනම් ඒක කරන්නම්... ඒත් මට ෂුයිෂී ව මැරිකරන්න බෑ....."
.
චටා.......ස්.....

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now