විසි අටවන දිගහැරුම ..

2K 369 14
                                    

විසි හතර වන දිගහැරුම ..............

පෙර කොටසට
https://www.facebook.com/groups/3101558573464093/permalink/3149375198682430/
🚇🚇🚇🚇🚇🚇🚇🚇🚇

ග්වන්ග්ඩොන්ග්  සිට ෂැංහයි දක්වා රැය පහන්වන තුරාම ශාන් කල්පනාවේ නිමග්න වෙමින් පැමිණියේය.එක් පසෙකින් යීබෝ  තනිකර   පැමිණීම සහ අනෙක් පසින් මවගේ අසනීපය ඔහුගේ හදවතට වේදනාවක් ඇති කරමින් තිබුණි.  හිටි හැටියෙම මව මෙසේ අසනීප වීමත් ශාන්ට  මහත් ගැටළුවකි. දුම්රියෙන් බසින විටත් ලෙලේ අංකල් පැමිණ සිටීම ශාන්ට  මහත් වූ අස්වැසිල්ලක් විය. පෙර වතාවේ දී බෝ සමග සිනහ වෙමින් මෙම දුම්රිය ස්ථානයෙන් බැස ගිය අයුරු සිහි වී ශාන්ගේ හදවත වේදනාවෙන් පෙළෙන්නට විය.

" චූටි බේබි කෙලින්ම ඉස්පිරිතාලෙට යනවද ගෙදර යනවද මුලින්ම ..."

" අපි හොස්පිට්ල් එකට යමු ලෙලේ අංකල්  මට ඉස්සෙල්ලාම මමාව බලන්න ඕනේ"

වෙනදාට සිනහවෙමින් කතා කරන ශාන්ගේ මුහුණ දුටු ලෙලේට ඉමහත් වේදනාවක් දැනුනි . මැඩම් අසනීප වීමට හේතුව දැන ගත් විට shan තවත් කලබල වන බව ලෙලේ දැන සිටියේය.නමුත් යැන්ලි බේබි සියල්ල පවසන තුරු නිහඬව සිටීමට ලෙලේ සිතා ගත්තේය.

" පුංචි බේබි යීබෝ  පුතා හොඳින් ඉන්නවද"

ඒ නම ඇසුණු ගමන්ම ශාන්ගේ මුවෙහි සුන්දර සිනහවක් මැවෙනු ලෙලේ දුටුවේය.

"  හ්ම්ම්....මම එද්දි නම් මූණ බෙරි කරගෙන හිටියා."

" පව් සර් පස්සේ වැටිලානේ ඉන්නේ දැන් සර් ආවහම පාළු ඇති...."

" leliy අංකල් දන්නවද නැටුම් තරගයෙන් යීබෝ  පළවෙනියා වුණා...."

" ඒ දරුවා දක්ෂයි කියලා දකිනකොටම තේරෙනවා පුංචි මහත්තයා.."

🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢

shan මව සිටින රෝහල් කාමරයට ඇතුළු වන විටත් ඇය සුව නින්දේ පසු වූවාය. ඇය අසලම අසුන් ගෙන සිටි යැන්ලි ශාන්ව දැක ඉක්මනින් ඔහු වෙත පැමිණ ඔහුගේ අතින් අල්ලා ගත්තේය.

" ඔයාට හුඟාක් මහන්සි ඇති නේද මල්ලි.."

" මමාට දැන් කොහොමද අක්කේ..."

" අයි සී යු එකේ ඉදලා ඉඳල පාන්දර 3ට විතර තමා මේ රූම් එකට දැම්මේ"

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now