The miracle of love ..... ❤💚
තිස් අටවන දිගහැරුම .......................
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
ලුෆෙන්ග් වල ගෙවෙන අන්තිම දිනයට හෙමින් හෙමින් හිරු උදාවී තිබුනි... පුරුද්දට මෙන් එළිය වැටෙන්නටත් පෙර යීබෝ අවදිවිය ... තම පපුව මතට වී නිදාසිටින තමන් මේ ලෝකයටත් වඩා ආදරය කරන තම ආදරවන්තයා දෙස ඔහු දැන් සෑහෙන වේලාවක් බලා හිදී... එක් ඇසිපිය වාරයකදී පවා යීබෝට ශාන්ගේ මුහුනෙහි නැවුම් බවක් දැනෙයි... පැයක් පමණම යීබෝ ශාන්ගේ හිස සෙමින් පිරිමදිමින් තම නිරුවත් පපුව මත ඔහු සුවසේ නිදන අයුරු බලා සිටියේය .. නැත බලා සිටියා නොව රසවින්දේය.....
එසේ ශාන් දෙස බලාසිටින යීබෝට තම මව සිහිවිය... ඒ උණුසුම හා සමාන උණුසුමක් ශාන් ලුෆෙන්ග් පැමිණි දිනයේ සිටම යීබෝ ශාන්ගෙන් අත්වින්දේය... ෂැංහයි යන්නට පෙර තම ආදරය මවට පෙන්විය යුතු බව යීබෝ සිතුවේය .. රාත්‍රී දහයට කෝච්චිය තිබෙන නිසා උදේ වරුව ඒ වෙනුවෙන් වෙන්කිරීමට හැකිය... ඉතින් උදෙන්ම යන තරමට ගමන පහසු නිසාම යීබෝ ශාන් අවදිකරන්නට සිතුවේය....
නමුත් ඔහු නිදාසිටින අයුරු දැක යීබෝට ලෝබ සිතුනි.. හෙමින් හෙමින් ඒ දෙතොල් අතර දෙතොල් තබා යීබෝ ඔහුගේ මුව මදක් විවරකර දිවෙන් ශාන්ගේ දෙතොල් තෙත් කරන්නට පටන්ගත්තේය .... ඒ සීතලට ශාන් මදක් ගැස්සී යලිත් පපුවට ගුලිවිය.....
" කම්මැලි කෝලම........"
යීබෝ එවරනම් ශාන්ගේ යටිතොල ඔහුගේ තොල් වලට නතුකර ගත්තේය .. ටික වේලාවකින් ශාන් හෙමින් දෙනෙත් හැරියේය ....
" බෝ...බෝ.... තාම උදේනේ...."
යීබෝගේ පපුව මතම මුහුණ තබාගෙන ශාන් කෙදිරිගාන්නට විය..
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....