හයවන දිගහැරුම

2.4K 405 22
                                    

The miracle of love ......❤💚

🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲

ශාන් ලුෆෙන්ග් වලට ඇවිත් ගෙවෙන හතරවෙනි දවසටත් ඉර උදාවුනා... 🌞
ඉතින් වෙනදා වගේම බොහොම ප්‍රබෝධමත් ව අවදිවුනු ශාන් ඉස්සරහා දොර ඇරිය ගමන් දැක්කේ එයාට කෝල්ස් ගන්න බෝ චන්ඩියා හදලා දීලා ගියපු බංකුව..........

"හරියට මූණ බලලා කතා කරන්නෙත් නෑ පන්ඩිතයා... මාව යටත් කරගන්න හදන්නෙ ඔරවලා... හ්ම්ම්.. අපි බලමුකො ඉස්සරහට.. . "
ශාන් තමන්ටම කියාගත්තා  . දන්නෙම නැතුව ඒ බංකුව උඩ වාඩිවෙලා... ශාන් අත්දෙකෙන්ම එයාගෙ මූණ වහගෙන හිනාවුනා.......
ටිලිං..... ටිලිං .........

බෝගෙ බයිසිකල් බෙල් එක.....

'ආහ්..... මම මේ කෝලං කරලා තියෙන්නෙ බෝ බලං ඉද්දිද.... මෙතනම වලක් හාරලා වැලලෙන්න හිතෙනවා'

ශාන් ඉක්මනින් ගේට්ටුව ලගට ගියේ උදේ පාන්දර මොකටද මේ ඇවිත් තියෙන්නෙ බලන්න...

" මම කිරි අරගෙන යන ගමන්... මේක ගන්න... රත්කරලා බොන්න ගුණයි.."

"ආහ්.... බෝ බෝ මේ.... මට..."
තව මොනවා කතාකරන්නද අන්න ඉස්සරහා වංගුවත් පහුකරලා 😮😮

කිරි භාගෙ බෝතලයක් ... ශාන් ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.. ඇත්තමයි ඇස් දෙකට කදුලක් ඉනුවෙ ශාන්ටත් නොදැනිම... කිසි කෙනෙකුට හිනාවෙන්නෙ නැති , කාටවත් අනුකම්පා කරන්නෙ නැති මේ පුංචි චන්ඩියා මගෙ වටේ කැරකි කැරකි හරියට තාත්තා කෙනෙක් වගේ හොයලා බලන්නෙ සංසාර පුරුද්දකට වෙන්න ඇති කියලා ශාන්ට හිතුනා......
එහෙම හිතනකොට පපුව ඇතුලෙන් අමුතුම හැඟීමක් සිරුර පුරා දුවන්න ගත්තෙ හිතාගන්න බැරි විදිහට....

" මෙව්වා හදන්නෙ කොහොමද දැං... මං දන්නෙත් නෑ.... පණ්ඩිතයා වගේ ඇඟේ ගහලා දඬුමොණරෙන් ඉගිල්ලෙනවා.. කියලා දීලා ගියානම් මොකද වෙන්නෙ ..."

තනියම කියව කියව කල්පනා කරන්නෙ මේක හදාගන්න විදිහක් .... 🤔🤔
තාම හරියට ඉර එළිය වත් වැටිලා නෑ....
ශාන් ගෙට ගිහින් කිරි බෝතලේ මේසෙ උඩ තියලා කල්පනා කරේ මේක දැන් හදාගන්න විදිහ...
🚲  ගේ ඉස්සරහා නවත්තන සද්දෙ ඇහුනම ශාන්ට මනමාල හිනාවක් ආවා...
'ඔය ආවේ ආපහු මගෙ බෝ බෝ '

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now