The miracle of love ..... ❤💚
හතලිස් එක්වන දිගහැරුම ..........
🌞 🌞🌞🌞🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
යීබෝ උදැසනින්ම අවදිවන විටත් ශාන් ඔහුගේ අත තදින්ම අල්ලාගෙන නිදාගෙන සිටිනු දුටුවේය ... යීබෝ පෙරදින රාත්‍රියේ බර කල්පනාවක සිටිය නිසාවෙන් ඔහු ශාන්ටත් හොරෙන් ලුෆෙන්ග් යාවිදෝයි ඇතිවුනු බිය නිසාවෙන් ශාන් ඉක්මනින් යීබෝ අතින් අල්ලාගත්තේ මධ්‍යම රාත්රියේදී ය..... ඒ අතදෙස සෑහෙන්න වේලාවක් බලාසිටි යීබෝ හෙමින් ඒ අතගෙන මෘදුව සිපගත්තේය ....
" එහෙම දාලා යන්නෙ නෑ මැණික ..... ඔයාට මාව ඕන තරමටම මටත් ඔයාව ඕනෙ....."
යීබෝ හෙමින් එසේ පවසමින් තවත් ටිකවේලාවක් ඒ හිස අතගාමින් හිද මෘදු හාදුවක් ඒ නලලට දී ඔහුව අවදි නොවන ලෙස නැගිට මුලුතැන්ගෙයට ගියේ යන්නට පෙර උදෑසන සහ දිවා ආහාරය යන දෙකම පිලියෙල කිරීමටයි....
පෙරදින සවස ජියැන්ග් යනවිට පවසා ගියේ හතයි හතලිස් පහ වනවිට ඔහු පැමිණෙන බවය...ශාන් අපහසුවෙන් සිටින නිසා ඔහුට අද නිවසට වී විවේකයෙන් සිටින්නට ඉඩදිය යුතුයැයි යීබෝ තීරණය කලේය... කුමන ගැටලුවක් ආවත් තම ඉලක්කයන් සපුරා නොගතහොත් පෙරදිනයේදී මෙන්ම ඉදිරියේදීත් ශාන් සම්බන්ධ ගැටලුවක් පැනනැගි විට තමන් අසරණ වනබව යීබෝ තේරුම් ගත්තේය ...
ඉක්මනින් ආහාර පිලියෙල කර අවසානයේ වොෂ් එකක් ගෙන සූදානම් වී යීබෝ... ශාන්ට කිරි වීදුරුවක් සාදාගෙන ශාන් අසලට ගියේ යන්නට වේලාව ආසන්න නිසාවෙන් ඔහුව අවදිකරවීමටයි... යැන්ලි විසින් එවා තිබුනු වේදනා නාශක වලට තදින් නින්ද ලැබෙන බවට ඇය යීබෝට ඇමතුමක් දී පෙරදින රාත්‍රියේ පැවසුවේය ....
" මගෙ චාන්ගා .... "
යීබෝ හෙමින් ශාන්ගේ හිස අතගාමින් ඉදිමී තිබුනු කොපුලට හාදුවක් දුන්නේය .. ඒ පහසින් ශාන් හෙමින් දෙනෙත් හැරියේය .....
" බෝ... බෝ..... ඔයා ලෑස්ති උනාද... ඉන්න මම....."
නැගිටින්නට උත්සාහ කල ශාන්ව ඉක්මනින් වැලැක්වූ යීබෝ හෙමින් ඒ නලලත සිඹ ......
" මිස්ටර් ජියැන්ග් එනවා කිව්වා මාව ගන්න.. අදට ඔයා ඇදේම ඉන්න ඕනෙ.... මම කෑම හැදුවා.... කන්නත් ඕන... තව පැයකින් මම කෝල් කරනවා එතකොට කාලා බෙහෙත් බීලා ඉන්නෝනේ .... තේරුනාද..... "
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....