The miracle of love ...........💚❤
තිස්හතර වන දිගහැරුම ...............
ශාන් ඇදට ගොස් පෙරවාන නිදා ඉන්නා අයුරු දැක යීබෝට සිනහා පහලවිය... සියල්ල පිලිවෙලකට අසකර අවසානයේ නානකාමරයට වැදී යීබෝ දොරවසා ගත්පසු ශාන් පොරවනයෙන් පිටතට පැමිණ සිනාසෙමින් යීබෝ දුන් ඔරලෝසුව අතට ගෙන හැඩ බැලුවේය...
ආදරයක් මේතරන් සොදුරුදැයි, මේතරම් සිසිල් දැයි ශාන් කල්පනා කලේය.. එදා ලුෆෙන්ග් මධ්‍ය විද්‍යාලය තුලදී ඒ දෙනෙත් පළමුවරට දුටු මොහොත ශාන්ට සිහිවිය.. 'නපුරු බෝ බෝ"
ශාන් තමන්ටම මුමුණන්නට විය.. යීබෝ නානකාමරයෙන් එළියට පැමිණ ශාන් අසලින් වාඩිවිය...
" දවල් ඔෆිස් එකට ගියේ ඇයි..."
මේ කොල්ලා ඒකත් දැකලා ....ශාන් සිතුවේය ..
" ඔයාගෙ අවසන් තරගෙ විභාගෙ ඉවරවෙලා සතියකින් තියෙනවා ... ඒකට ලෙටර් එක ඇවිත්.. ෂැංහයි වල තියෙන්නෙ ... ."
" යනවද ඉතින් ඒකට..."
",බෝ බෝ... පිස්සු කියවන්න එපා . යනවා විතරක් නෙවේ ඔයා දිනනවා. "ශාන් යීබෝගෙ අත තදින් අල්ලාගෙන පැවසුවේය . එවෙලෙහි යීබෝ ගේ ඇස් දිදුලනු ශාන් දුටුවේ...
⏳⏳⏳⏳⏳⏳⏳⏳
යීබෝගෙ විභාගයට සූදානම් වීම මෙන්ම අවසන් තරගයට පුහුණුවීම් අතර වඩාත් ම කාර්‍ය බහුල වූයේ ශාන් ය....විටෙක ශාන්ට යීබෝ පිළිබඳව කේන්තියක් ද ඇතිවේ... රන්ඩුවන අවස්ථාද නැතුවාම නොවෙයි....
සාමාන්‍යයෙන් වෙනදා නඩත්තු කරන එළවළු පාත්ති සහ උදේට බෙදන කිරි සියල්ල හෙමින් හෙමින් නතරකලේ ශාන්ගේ උවමනාවෙන්මය... දැන් වන්ග් හට හොද ආදායමක් ලැබෙන නිසාවෙන් ඔවුන්ගේ බර යීබෝගෙ කරමතින් නිදහස්ව තිබුනි... යීබෝගෙ සියලුම වියදම් දරන්නේ ශාන් විසිනි... ශාන් ගන්නා වැටුපට අමතරව මමා විසින් එවන මුදල්වල පවා අයිතිය යීබෝ සතුව තිබේ.. ශාන් ඒවා දෙස බලා සිනාසෙනවා මිස කිසිවක් කියන්නේ නැත....
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....