හතලිස් පස්වන දිගහැරුම ........

2K 420 92
                                    

⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳

සතියකට  පසු අද ශාන් ව නිවසට රැගෙන යන දිනයයි.... .මේ වන විට ශාන් වටා ගෙතුණු ජීවිතයෙහි විශාල වෙනස්කම් කිහිපයක් යීබෝ විසින් සිදු කරන ලදී ....

මූලික පොලිස් පරීක්ෂණවලින් පසුව ෂියාඕ ට වසර  හතරක සිර දඬුවමක් සහ යංග් හට වසර 10ක සිර දඬුවමක් හිමි විය ... එමෙන්ම ෂියාඕ නමින් කෙරීගෙන ගිය සියලුම ව්‍යාපාර රාජසන්තක වුනු අතර ශාන්ගේ මව නමින් තිබුණි ව්‍යාපාරයෙහි කොටස් කිහිපයක් දැනට ව්‍යාපාරයෙ වැඩිම කොටස් හිමිකරුවන් යටතට පත් කළ අතර ඉන් විශාල මාසික ආදායමක් ඔවුන්ට ලැබුණි ....දැන් XZ සමූහ ව්‍යාපාරය වෙනකෙකුට අයත්ය... ශාන්ගේ නමින් එහි කොටස් කිහිපයක් පමණක් ඇත ....

ෂියාඕ ගේ කොරියාවේ සියලුම ව්‍යාපාර ඔහුගේ සහෝදරිය විසින් ඇය නමින්  පවරාගනු ලැබූ අතර ඇය චීනය සමග පැවති සියලුම සබඳතා අත්හැර දැමුවාය.....

ශාන් පැරණි නිවසට යළිත් යාමට  අකමැති බව පැවසූ නිසාවෙන්  ශාන්ගේ මව එම නිවස විකුණා නිදහස් වටපිටාවක් ඇති පරිසරයක සරළ නිවසක් මිලදී ගත්තාය .... මුලින්ම යීබෝට අවශ්‍ය වූයේ ඔහුගේ නව එපාර්ට්මන්ට් එකට ශාන් ව රැගෙන යාමටයි ... නමුත් ශාන් ගේ මව කරුණු පැහැදිලි කිරීමෙන් පසුව යීබෝ ඔවුන්ගේ අලුත් නිවසෙහි නතර වීමට කැමති විය .... යීබෝගෙ කාර්යබහුල ජීවිතය නිසාවෙන් ශාන්ගේ පහසුව සඳහා එය සුදුසුම බව ඔහු ද තීරණය කළේය ..

🌹🌹🌹

ලෙලේ අංකල් වාහනය අලුත් නිවස ඉදිරියේ නතර කළේය ... පෙරදින රාත්‍රියේ සිටම යීබෝ ,ජියැන්ග් ,ෆෑන්ග් ,ලෙලේ.... යන සියලුම දෙනා විසින් නිවස ඉතා හොඳින් පිරිසිදු කර ශාන්ට ප්‍රිය මනාපවන  පරිදි වටපිටාව සූදානම් කළේය...

ලෙලේ අන්කල් රෝද පුටුව ශාන් අසලට රැගෙන ඒමට සූදානම් වූ විට

",මම ඉන්න වෙලාවට රෝදපුටුව වැඩක් නෑ ඔන්න.. .... මට මගේ අත් දෙකෙන් මගේ චාන්ගාව උස්සගෙන යන්න පුළුවන්..." 

සියලුම දෙනා කඳුළු පිරි දෑසින් බලා බලාගෙන සිටියදීම යීබෝ ශාන්ව දෝතට ඔසවා ගත්තේය ... ශාන් ඉක්මනින් යීබෝගෙ  ගෙල වටා අත්දෙක දමාගෙන ඔහුගේ පපුවට මුහුණ හේත්තු කරගත්තේය  ....

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now