හතලිස් හතරවෙනි දිගහැරුම ........

2.1K 430 110
                                    

✴️✴️✴️✴️

යීබෝ ඔපරේෂන් තියටරිය ඉදිරිපිට එක් කොනක බිම වාඩිවී හිස දෙකකුල් මත හිස රදවාගෙන දැන් පැයකටත් ආසන්නව ඇත... මමා,යැන්ලි,ජියැන්ග් ලෙලේ අංකල් මේ හැමෝම ඔහුව අස්වසාලන්නට  උත්සාහ කර එය ව්‍යර්ථ වූ පසුව ඔහුට එලෙසින් ඉන්නට හැරියේය....

පැයකට පෙර ......

යීබෝ කෑගසාගෙන ජියැන්ග් ගේ ඔෆීස් එකට ආවේ පිස්සුවෙන් මෙනි... ඔහුට ඉන්නේ කවුද වෙන්නේ කුමක්දැයි සිහියක් නැත.... සිදුවූ දෙය පැවසූ වහාම ජියැන්ග් ශාන්ගේ පෝන් එකේ ලොකේෂන් ට්‍රැක් කලේය...

"බෝ....මාස්ක් එක දාගන්න... මේ වෙලාවෙ ඔයත් පරිස්සං වෙන්නෝනේ... ඔයාව දැන් නොදන්න කෙනෙක් නෑනේ...."

" කෙහෙල්මල් මාස්ක් .... අපි යමු ජියැන්ග්  මාව මැරෙයි තවත් හිටියොත්...."

ඔවුන් ඉක්මනින් එම ස්ථානයට යන්නට ගියත් අතරමගදී යීබෝගෙ දුරකතනයට  ශාන්ගේ දුරකතනයෙන් ඇමතුමක් ලැබුනි....

" මේ නම්බර් එක සර්ගෙ කවුරුහරිද...."

අනෙක් පසින් ඇසුවේය...

" ඔව්... මේ මගේම කෙනෙක් කියන්න ...."

" ආ...මෙහෙමයි කලබල වෙන්න එපා.. එයාගෙ කාර් එක ඇක්සිඩන්ට් වෙලා... බෑවුමකට පෙරලිලා හැබැයි මැද ගස් කිහිපයක් නිසා කාර් එක නතරවෙලා තියෙනවා ... එයාව දැන්........ හොස්පිට්ට්ල් එකට ගෙනිච්චා .... "

යීබෝට අසන්නට පුලුවන් උනේ එපමනකි.... ස්පීකර් ඔන්කර තිබුනු නිසා ජියැන්ග් ඉක්මනින් මාර්ගය වෙනස්කර රෝහලට පැමිනියේය ..

රථයෙන් බැස යීබෝ දිවයන අතරමග දෙවරක් පය පැටලී බිමටම ඇදවැටුනි.... සැනින් නැගිට යලිත් දිවයන ඔහුව පාලනය කරගන්නට ජියැන්ග් ට අපහසුවිය...  ශල්‍යාගාරය අසල නතරවී කෑගසමින් අඩන්නට පටන්ගත්තේය .....

" චාන්ගා ...... ඔයාට ඔහොම උනේ කොහොමද ....මට මේක දරාගන්න බෑ....."

ජියැන්ග් පුලුවන් තරම් ඔහුව සනසවා ශාන්ගේ නිවසට ඒ බව දැනුම් දුන්නේය... 

ශාන් තවමත් ශල්‍යාගාරය තුලයි...... කාර්‍යාලයෙන් ශාන්ගේ මවට ඇමතුමක් ආවේය.....

The miracle of love  (yizhan ff     Complete  )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ