විසිවන දිගහැරුම

2.1K 388 15
                                    

The miracle of love ........ 💚❤

දාහත් වන දිගහැරුම ..............

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

" ඇයි ඔහොම බලන් ඉන්නෙ බෝ බෝ...."

ශාන් ඔහු දෙස නොබලාම ඇසීය...

" දන්නවද මීට අවුරුදු තුනකට කලින් මම western dancing වලින් කලාප මට්ටමින් පළවෙනියා උනා....."

"හ්ම්ම් .. චාඕ කිව්වා මට...."

"ඒත් මට පළාත් තරඟ වලට යන්න බැරිවුණා .... දන්නවද ඇයි කියලා ..."

" ඇයි බෝ... බෝ..."

යීබෝ හෙමින් වියැකීයන ආලෝකය අතරින් ඈතින් පෙනෙන කදුයායා දෙස හැඟීම් විරහිත දෑසින් බලා හිද යලිත් කතාකරන්නට විය....

" ඒවට ඇදුම් ගන්න එහෙම මම වැඩ කර කර සල්ලි එකතු කලා... අන්තිමට තරඟෙට සති දෙකක් තියෙද්දි මෙන්ලිට හොදටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා  ..   පපාට සල්ලි මදිවෙලා මගෙ ලඟ තිබ්බ ඒවත්  දුන්නා .   "

ශාන්ගේ පපුව දැන් වේදනාවෙන් මිරිකෙමින් එහි සාරය දෑස් මත පටලයක් මෙන් නලියමින් පිටතට පැනීමට වෙරදරයි..

"අන්තිමට මම ඒ ආසාව සදහටම හිතෙන් අයින් කරා.... ආය මට කරදර කරන්න එපා.. "

යීබෝ ඇල ඉවුරෙන් ඇලට පැන ඉන් ගොඩවී...

" එන්න යමු.. කලුවර වැටෙනවා.  "   යි ශාන් දෙස බලා පැවසීය  ..

යීබෝට රවා ඔරවා කේන්තිය පෙන්වන්නට තිබුනා වැටෙන්නෙ කලුවර නොවී වෙන කුමක් හෝ උනානම්....

" ඉන්න බෝ බෝ...."

ශාන් ඉක්මනින් ගොස් යීබෝ අසලින්ම නිවස දෙසට පියවර තැබුවේය ...

රාත්‍රී ආහාරය ගෙන යීබෝ ඔහුගේ බෙහෙත් වේලත් ගත්පසු  කිසිදු කතා බහකින් තොරව  ශාන්ගේ ඇදේ අනෙක් පස නිදාගෙන සිටිනු නානකාමරයට ගොස් පැමිණි ශාන් දුටුවේය.
' හ්ම්ම්ම්.... මටත් ඕනෙ ඔයාව මගෙ ලඟින්ම තියාගන්න ... දැන් ඉතින් දස ඉඳුරන් සංවර කරගන්න වෙනවා හැමදාමත් මගෙ චූටි චන්ඩියෝ මට'

ශාන් එසේ සිතමින්ම ඇදට විත් හාන්සිවී සිටින අතරම...

" බෝ බෝ...."

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now