විසිඑක් වන දිගහැරුම

2.1K 395 16
                                    

The miracle of love ........ 💚❤

දහ අටවන දිගහැරුම ....................

💣💣💣💣💣💣💣  පැය කිහිපයකට පෙර............

" පපා.... පපා..... කෝ ඔයා මෙහෙ එන්න...."

යූඊ පාසල් අවසන්ව නිවසට ඇතුලුවූයේ නිවස දෙවනත් වෙන්නට කෑගසමිනි...

" මොකද ළමයො මේ... බෙරිහන් දෙන්නෙ.."

යූඊ ගෙ මව මුලුතැන්ගෙයි සිට දිව ආවේ ඇයගේ ශබ්දයට බිරාන්ත වෙමිනි...

",කොයි පපා..   මට එයත් එක්ක කතාව තියෙන්නෙ ..."

" හා... හා.. මොකද සද්දෙ... මොකක්ද මගෙත් එක්ක තියෙන කතාව...."

යංග් මුදලාලි නිදන කාමරයේ සිට නිදිගැට කඩමින් එළියට පැමිණියේ එසේ අසමිනි..
.
",අන්න ශාන් බ්‍රහස්පතින්දා යන්න එන්නෙ නෑ...... "

" ඒ මොකද ඒ.. එහෙම උනොත් ප්ලෑන් ඔක්කොම අවුල් වෙනවා...  ඔයාට ඒ ළමයව කැමතිකරවගන්න වත් බැරිවුනානෙ ඉතින්..."

යූඊ පාසලේ සිදුවු විස්තරය කෝපයෙන් වෙව්ලමින් යංග් ට පැවසීය ..

" අනික පපා අර අහිගුණ්ඨිකයව නැටුම් වලට ගන්න හදන්නෙ ශානුයි අර චාඕ කාරයයි... ශාන්ව නරක් කරන්නෙත් යීබෝ කියන වසවර්තියා තමයි ....."

" හ්ම්ම්.... ඒකත් එහෙමද .. එහෙනම් වන්ග් කාරයා නයාට ගහලා පොල්ල වරද්ද ගන්නයි හදන්නේ... මං යන්නංකො හවස උගෙ අබලන් මඩුව පැත්තෙ ..."

" පපා කොහොම හරි මේ ගමනට ශාන්ව අඩගහගමු ... එහෙම උනොත්නෙ එයාලගෙ ගෙදරත් යන්න පුලුවන් ..."

"කෑ නොගහා ඔන්නකො ළමයො... බලමු මොනවද කරන්න පුලුවන් කියලා ...."

😮😮😮😮😮😮😮😮😮😮 යලිත් ......

ශාන් ඉක්මනින් දිවගොස් යීබෝ අසලින්ම සිටගත්තේ ඔහුගේ කේන්තියේ තරම හොදින්ම දන්නා බැවිනි...

කතාව සාමකාමී නොවූ අතර එක්වරම යංග් මුදලාලි වන්ග් ගේ කමිස කරෙන් අල්ලාගත්තේය..
එය දුටු යීබෝ වේගයෙන් එතනට ගිය අතර යංග් ගේ අතින් ඇද පසෙකට කර වංග්ව පැත්තකට කලේය..

" ආහ්... ආවද පැටියත්.... පපාව රකින්න නම් අතපය නෙවේ සල්ලි අරං එනවා.. ඉඩමෙ ඔප්පුවට දීපු කාලෙ ඉවරවෙලා හුගාක් කල්... පව්නෙ කියලා මෙච්චර කල් ඉවසුවා...දැන් අකුලගෙන යන්න තමයි තියෙන්නෙ මේකෙන්..  "

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now