The miracle of love ...........❤💚
තිස් හත්වන දිගහැරුම .............
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
උදෑසනින් ශාන්ට පෙර යීබෝ අවදිවිය.. ඔහුගේ පපුව මත හරි අපූරුවට දෑස් පියාගෙන සිටින ශාන්ව දුටු යීබෝට පුදුමාකාර ආදරයක් ඇතිවිය... පොරවනය මදක් ඉවත්කල විට ඔහු දුටුවේ තැන් කිහිපයක් රතුවී ඇති අයුරුයි.... යීබෝට කණගාටුවක් ඇතිවූයේ ඔහු ශාන්ට ගොඩාක් රිදවන්නට ඇතිදෝයි සිතුනු නිසාවෙනි ..... හෙමින් ඒ හිසකේ අතර තම අතැගිලි ගෙනයන ගමන්ම යීබෝ කල්පනා කලේ ඉදිරියේදී ශාන්ට කුමක් කියා කතාකරන්නෙදැයි කියාය.. ඔහු කිසිම දිනක ශාන්ට සර් කියා පැවසුවේ නැත.. නමුත් ශාන් කියා කියන්නටද ඔහුගේ කැමැත්තක් නැත... ඔහුනම් කටපුරා බෝ බෝ යැයි ආදරයෙන් කියයි..
" චන්ගා...."
" හනී...."
අවසානයේ චන්ගා යනුවෙන් ඇමතීමට යීබෝ සිතාගත්තේය .... එය කිහිපවිටක් ම උච්චාරණය කරමින් යීබෝ තනිවම සිනාසුනේය ..
" මගෙ චන්ගා මැණික ...."
යීබෝ සෙමින් ශාන්ගේ දෙතොල් සිපගන්නට වූයේ දැන්නම් අවදිවිය යුතු නිසාවෙනි ... දෙතොලේ සීතලට ශාන් සෙමින් ඇස් හරිමින් යලිත් වසාගත්තේය ... යීබෝගෙ උණුහුමට තව තවත් ගුලිවෙමින් කම්මැලී කමට නිදියන්නට හැදුවේය ..
" මගෙ චන්ගා මැණික ...."යීබෝ ශාන්ගේ කම්මුලක් මිරිකමින් ඒ නම යලිත් කියන්නට විය...
" මොකක්ද බෝ බෝ... ඒ කිව්වේ... ඔයා මට නමකුත් හැදුවද....."
ශාන් මේ කතාකරන්නේ දෑස් පියාගෙනමය...
" එහෙම හොද නැද්ද ඉතින්...."
යීබෝ යලිත් ශාන්ගේ මුහුණ ගෙල සිපගන්නට විය...
"බෝ... බෝ. . වෙලාව කීයද ..."
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....