දාහත් වන දිගහැරුම

2K 387 10
                                    

The miracle of love ..... ❤💚

😮😮😮😮😮😮😮😮😮😮😮

" මමා..........."

ශාන් , යීබෝ , ෆෑන්ග් තුන්දෙනාම එකවර පැවසීය .....

" අපේ මමාට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා කියලා මම දන්නෙ අදනේ...."

ශාන්ගේ සොයුරිය වන යැන්ලි සිනහා වෙමින් පැවසුවාය...

" අනේ... යීබෝ පුතා ඉස්පිරිතාලෙ කියලනේ ඔයාගෙ පුංචි කිව්වේ.... ඇයි රත්තරං මේ ... "

ශාන්ගේ මව කලබලයෙන් ශාන්ගේ අත අල්ලාගත්තේය...

" මමා.... බයවෙන්න එපා යීබෝගෙ තුවාල දැකලා මෙයා කලන්තෙ දැම්මා එච්චරයි ..."

ෆෑන්ග් සිනහා වෙමින් පැවසුවේ ඇගේ බිය නැතිකිරීමේ අදහසින්‍ ය...

" අනේ මම බයවුනු තරමක්... අපි ඊයෙ රෑ ඉදන් මේ එන්නෙ.. ඔයාලා දෙන්නව බලලා යන්න   ..."

ශාන්ගේ මව යීබෝගෙ හිස හෙමීට අතගාමින් පැවසීය...

" මමා ඇයි හදිස්සියේම .. ඇයි නොකියම ආවේ......"

" අනේ කියලම එන්න ඔයාගෙ පෝන් එක පැය විසිහතරම ඔන්ලයින්නේ..."

යැන්ලි ශාන්ගේ හිස අවුල් කරමින් පැවසීය...

" මම හිතන්නෙ දෙන්නටම යන්න පුලුවන් ... යීබෝට ආය දවස් දෙකකින් එන්න වෙනවා බෙහෙත් දාගන්න.."

ෆෑන්ග් එසේ පවසා වෛද්‍යවරයකු සොයන්නට පිටත්විය..

" මමා මේ බෝ බෝ ගෙ පපා..."

මේ සියල්ල දෙස වික්ෂිප්ත ව බලාසිටින වන්ග්ව පෙන්වා ශාන් පැවසීය..

රෝහලෙන් පිටවී ශාන්ගේ මව පැමිණි වාහනයෙන් සියලුම දෙනා පිටත්වූයේ ෆෑන්ග් ටද ස්තූතී කිරීමෙන් අනතුරුවයි..

" මට ස්තූතී ඕනෙනෑ මමා.. එහෙ ඉදන් ඉගෙන ගන්න කාලේ ශාන්ට වගේම මටත් සලකපුවා මට කවදාවත් අමතක වෙන්නෑ ඉතින්..."

ශාන්ගේ මව ෆෑන්ග් ට ස්තූතී කලවිට ඔහු එසේ පැවසූයේ දෑසේ තෙතමනයෙන් යුක්තවයි...

" මමා කිව්වෙ නෑනේ ඇයි හදිස්සියේ ආවේ කියලා ... කියන්නකො දැන් වත්.."

වාහනය.තුලදී ශාන් පෙර පැනයම යලිත් මවගෙන් විමසීය...

" එකක් ඉතින් ඔයාව දකින්න.. මට වඩා මේ යැන්ලිට... අනික තමයි ...."

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now