දසවැනි දිගහැරුම

2.3K 403 15
                                    

The miracle of love ........💚❤

නවවන දිගහැරුම ...............................

🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝

යීබෝ එකවරම නිවස අසලදී ආපස්සට හැරී ශාන්ගේ අතින් අල්ලාගත්තේ හිතාගත නොහැකි මොහොතකයි...

"බෝ  බෝ........"

"මේ ප්‍රශ්නෙට ඔයා දැන් මැදිහත් වෙලා ඔයාටත්  කරදර ඇතිවෙනවා ... මේක කරේ කවුද කියලා මං දන්නවා....ඒත් ඒ මිනිස්සු හොද මිනිස්සු නෙවෙයි ....මට බයයි ඔයාටත් කරදරයක් කරයි කියලා "

ශාන් දෑස් අයාගෙන මේ බලා සිටින්නේ යීබෝ ඔහු ඉදිරියේ පළවෙනි වතාවට මෙතරම් දොඩමලු වීම අදහාගත නොහැකිවයි....එ මෙන්ම තමන් මොහුගේ ගුරුවරයා උවද කිසිම අවස්ථාවක" සර් " කියා අමතන්නේ නැතිවීමද තවත් හේතුවකි.

"බෝ බෝ... එහෙම මිනිස්සුන්ට බයවෙන්න ඕනෙද... අනික මට වඩා එහෙනම් ඔයාලනේ පරිස්සම් වෙන්න ඕන.."

"ඔය කතා කියන්නෙ උං ගැන දන්නෙ නැතුව... ගෙට යන්න කන්න මොනවා හරි හදන්න මම පපාටයි නංගිටයි කියලා එන්නම් මෙහෙ රෑ ඉන්නවා කියලා ..."

ඒ වදන් ඇසූ සැනින් ශාන්ගේ මුවඟට සිනාවක් නැගුනි .... 

"හහ්.... මගෙ ලොකු අප්පච්චී වෙන්ටෑ මේ... හුහ්.... එයා කියන විදිහට ඉන්න ඉතින්.... බලමුකො... මාව යටත් කරගන්න හිතුවා මදි...."
ඈතින් යන යීබෝ දෙස බලා ශාන් තමන්ටම මුමුණමින් නිවසෙහි දොර විවෘත කලේය...

"හපොයි.... ලයිට් ටික දානකල් ටිකක් ඉන්න කියන්න බැරිවුනානේ.... අපරාදෙ "

'ඉතින් කොහෙද යීබෝව යටත් කරන්නෙ 😌'

විඩාබර දවසක් අවසන් වෙමින් තිබුනි... ශාන් ඉක්මනින් නානකාමරයට වැදී  ස්නානය කර නිල්පාට පිජාමා ඇදුමක් ඇදගෙනම රාත්‍රී ආහාරයට යමක් සෑදීමට සූදානම් විය... ඒත් සමගම යීබෝ යමක් අතැතිව නිවසට ඇතුලු විය...

"ඔය මොනවද බෝ බෝ..... පපා ඉන්න කියලා කිව්වද මෙහෙ... ඔයාට පුංචි බැන්නද...?"

"කෑම එකක් ගෙනාවා... මුකුත් හදන්න ඕනෙ නෑ... මේවා කන්න පුලුවන්ද බලන්න"
"එක ප්‍රශ්නෙකට විතරයි නෙ උත්තර දුන්නෙ"

"පපා කිව්වා ඒක ගොඩාක් හොඳයි කියලා ..  පුංචි කොහොමත් කැමති මං ගෙදර නැත්නම් තමයි"

The miracle of love  (yizhan ff     Complete  )Kde žijí příběhy. Začni objevovat