විසි හතරවෙනි දිගහැරුම

2.1K 397 31
                                    

The miracle of love ......... ❤💚

විසිවන දිගහැරුම ....................

🏖️️🏝️🏖️️🏝️🏖️️🏝️

ශාන් යීබෝගෙ උරහිසට බරවී දෑස් පියාගෙන ටිකවේලාවක් රැදී සිටියේය ... දැන් නම් රාත්‍රිය උදාවී ඇති බැවින් අදුර පැතිරී ඇත... ඒත් වෙරළ පුරාවට ඇති විදුලි බුබුලු නිසාවෙන් සුන්දර ආලෝකයක් විහිදී තිබුනි... පාට පාට විදුලි බුබුලු වල ආලෝකය යීබෝගෙ මුහුණටත් වැටී ඒ මුහුණේ සුන්දරත්වය තවත් වැඩිකරවීය... ශාන් ඒ මුහුණ දෙස මොහොතක් බලා හිද.... කතාකරන්නට පටන්ගත්තේ උරහිසට හේත්තුවීගෙනමය..

",බෝ බෝ...."

ඒ හඩ සියුම් නමුත් බැරෑරුම් ය...

" හ්ම්ම්ම්...."

තමන් පැමිණ සිටින වෙනමම වූ ලෝකය තුල  අතරමංවී ඇති අයුරු යීබෝට දැනෙන්නට විය . ඒ කෙසේ වූවත් ශාන් මෙන්ම මව හා යැන්ලි නිසාවෙන් යීබෝට තමන් යලිත් ඉපදී ඇති බවක් , නැවුම් බවක් හැඟෙන්නට විය ... තමන්ගේ උරහිසෙහි හිස හොවා සිටින මේ සුන්දර , ආදරණීය මිනිසා වෙනුවෙන් පපුව උනුවී යන අයුරු යීබෝට දැනුනි....

" බලන්න එහෙයි මෙහෙයි හරියට ලෝක දෙකක් වගේ.... එහෙම නේද  ..."

" හ්ම්ම්ම්....."

"මෙහෙ මොන සැපපහසුකම් තිබුනත් මම කැමති ලුෆෙන්ග් වලට ...."

" ඇයි ඒ.... ???"

"ඒ පරිසරයට, ඒ නිදහසට, ඒ මිනිස්සුන්ගෙ තියෙන මනුස්සකමට.... මම හරි ආදරෙයි ..."

" එච්චරයි ද...."

යීබෝ ඈත බලාගෙනම ඇසුවේය ...

" බෝ බෝ...."

" හ්ම්ම්ම්.."

" මට ඒ හැමදේටම වඩා එහෙ වටින දෙයක් තියෙනවා ..."

" ඒ මොකක්ද ..."

" මට ඒදේ ඕනෙ... ඒත් මට බයයි..."

" ඒ මොකක්ද ඇයි බය...."

යීබෝ කුතුහලයෙන් ශාන් දෙස බැලුවේය ....

" මට හිතෙනවා මං වැරදිකාරයෙක් කියලා .... මම නිසා ඒ ජීවිතේ විනාශ වෙයි කියලා මට බයයි බෝ බෝ...."

ශාන්ගේ දෑස් වලින් කදුලු බිදු කීපයක් යීබෝගෙ උරහිසට වැටුනි... යීබෝ ශාන්ව අත්දෙකින් අල්ලා කෙලින් හිදුවමින් ඒ දෑස් දෙස බැලුවේය ...

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now