The miracle of love .......❤💚
දොලොස් වන දිගහැරුම ............
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
" අපේ පපා කොහොමද යංග් මුදලාලිව අදුනන්නෙ ලෙලේ අංකල් ..."
සැබැවින්ම සිතාගත නොහැකි ගැටලුවකි.
" බේබිගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් කවුද මේ මිස්ටර් ලයි දැන් දවස් කීපයකට උඩදී අපේ ලොකු සර්ට කතාකරලා මොකක්ද බිස්නස් එකක් ශෙයාර්ස් දාලා පටන් ගන්න ප්‍රපෝස් කරලා... ඒකෙ document වගයක් මට කිව්වා මේ ගමන්ම අරගෙන එන්න කියලා ..."
"මේ යංග් කාරයා හොදකට නෙවෙයි මේ ලෑස්ති වෙන්නෙ... මං හවසට පපාට කතාකරන්නම්කො... කපටි මිනිස්සු ..."
ඇත්තෙන්ම ශාන්හට පාලනය කරගත නොහැකි ආවේගයක් පැමිණි බැවින් ඉදිරියේ තිබූ මේසයට වැරෙන් අත මොලවා පහර දුන්නේය.... ඒ පහර නිසා අත පුපුරා ලේ ගලන්නට පටන් ගත්තේය ...
" පිස්සු හැදිලද .... කෝ මෙන්න මෙහෙට එන්න..."
යීබෝ ඒ සැනින් දුවවිත් අත අල්ලාගෙන සෝපාවෙන් ශාන්ව හිදුවා බෙහෙත් පෙට්ටිය රැගෙන ඔහු අසලින් දන බිම ඔබා අසුන්ගත්තේය..
" බේබි මට මේ මුකුත් තේරෙන්නෙ නෑ.. ඇයි මේ.. මොකක්ද මෙච්චර කේන්ති යන්න හේතුව"
" දන්නවද ලෙලේ අංකල් ඔය යංග් කියන මිනිහා තනිකර හොරෙක්.. හොර ගස් කපලා විකුණනවා තව මේ ගමට මත් ද්‍රව්‍ය ගේන්නෙත් ඔය මිනිහා මාර්ගයෙන් ...එහෙම මිනිහෙක් එක්ක අපේ පපාට ගනුදෙනු අවශ්‍ය නෑනේ ."
ශාන් ආවේගයෙන් කියවන්නට විය...
" බේබි කලබල වෙන්න එපා.. ලොකු සර්ට කොහොමත් එකපාරටම දෙයක් තේරුම් කරන්න අමාරුයිනෙ ඒ නිසා අපි හෙමීට බලමු... මම දැනට ගිහින් ඒ මනුස්සයා හම්බවෙන්නම්. "
යීබෝ තුවාලයට බෙහෙත් දැමීමට විශබීජ නාශක යොදද්දීම ශාන් ...
"ආයි... බෝ...බෝ... රිදෙනවා හිමින්..."
යැයි මහහඩින් කෑගසන්නට විය .
" කෝ දැන් මේසෙට ගහනකොට තිබුනු රැස්... කෑ නොගහා ඉන්න බෙහෙත් දානකල් .."
යීබෝ ශාන්ට රවමින් පැවසීය.
මේ සියල්ල දෙස බලා සිටින ලෙලේට නම් සිනහව නවත්වා ගන්නට නොහැකි විය..
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....