The miracle of love .......❤💚
තිස්පස් වන දිගහැරුම ..............
එදින සෙනසුරාදා දිනයකි.. නිවසට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ යීබෝට අවශ්‍ය පොත් කිහිපයක් මිලදී ගැනීමටත් විශේෂයෙන්ම ෆෑන්ග් ගේ මව යලිත් අසනීප වී සිටි නිසාවෙන් ඇය බැලීමටත් සිතාගෙන ශාන් යීබෝ සමගින් ග්වන්ඩොන්ග් යාමට බයිසිකලයෙන් හන්දියට යන්නට පිටත්වුනි...
සුපුරුදු පරිදිම යීබෝගෙ ඉනවටා එක් අතක් යවා ඔහුගේ ඇඟට හේත්තුවී ශාන් සූදානම් විය..." දැන්නම් මේකෙ හිටගෙන උනත් අතෑරලා යන්න පුලුවන් .. ඒ තියෙද්දිත් මාව බදාගන්නවනේ..."
යීබෝ හැමදාමත් මෙය පවසන්නේ එය පැවසූවිට ශාන් තව තවත් ඔහුව බදාගන්නා බව දැන දැනමය....
" ඉතින් මොකෝ වෙන්නෙ... ඔයා මගෙනෙ... ඉතින් මම බදාගෙන යනවා.... මගෙ බෝ බෝ මගෙ විතරයි කියන්නත් එක්ක... "
ශාන් ඇත්තෙන්ම තව තවත් යීබෝගෙ බද තදින් අල්ලාගනිමින් සිනාවෙමින් පවසයි....
" මේ ටිකේම පාඩම් කරානේ ඔයාට ඕනෙ විදිහට ...."
යීබෝ කතාවක් පටන්ගත්තේ ශාන්වත් පුදුම කරමිනි...
" ඉතින් බෝ බෝ... මොකක්ද කියන්නෙ.... මට ඕනෙ විදිහට පාඩම් කරෙත් කොච්චර වදෙන් ද.. "
" හරි හරි... මට අද ෆිල්ම් එකක් බලන්න ඕනෙ..."
" බෝබෝ... බෑ බෑ ..... විභාගෙ ඉවරවුනාම එක්ක යන්නම්...."
" බැරිද ...."
" බෑ බෑ.. තව සති තුනක් වගේ විභාගෙට තියෙන්නෙ කොහොමත් බෑ...."
" එහෙනම් පටි තදකරගෙන ලෑස්තිවෙන්න... මං ඉගිල්ලෙන්න හදන්නෙ.. හා කිව්වාම ලෑන්ඩ් කරන්නම්...."
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....