The miracle of love ........ 💚❤
දාසය වන දිගහැරුම ..........
🏠️🏠️🏠️🏠️🏠️
කාර්යාල වෙත ඉක්මනින් යන අතරතුර ශාන් කල්පනා කරන්නට වූයේ අද කුමන නස්පැත්තියක් සිදුවීද යන්නයි.. පුංචි චන්ඩියා අද නොමැති නිසා මෙයනම් වෙනත් මරාලයක් විය හැකි බව ශාන්ට විශ්වාසය...
ශාන් කාර්යාලය තුලට පැමිණෙන විට එහි මිස්ටර් චාඕ සහ යූඊ ද මිස්ටර් ලයි අසලින් අසුන් ගෙන බර සාකච්ඡාවක නිරතවෙමින් සිටියෝය ..
" ආහ්... මිස්ටර් ශාන් එන්න එන්න.. වාඩිවෙන්න.."
මිස්ටර් ලයි ශාන්ට අසුනක් පෙන්වා අඩගැසුවේය ..
" මිස්ටර් ශාන් ඔන්න ඔයාගෙ පත්වීමේ ලිපියෙ තිබුනු අමතර සුදුසුකම් වලට අවස්ථාවක් ලැබිලා තියෙනවා "
මිස්ටර් ලයි සිනා සෙමින් ශාන්ට පැවසීය
"ඔව් කියන්න මිස්ටර් ලයි "
"මෙහෙමයි අන්තර් පාසල් නර්තන තරගාවලිය දැන් අවුරුදු තුනක් අපේ පාසලෙන් මග ඇරුනා.. ඒකට හේතුව ඒ පිලිබදව දක්ෂතා තියෙන ගුරුවරු හිඟවීම... ඉතින් ඔයා නර්තනය පිලිබදව පාඨමාලාවක් හදාරලා තියෙන නිසා අපි තීරණය කලා මේ පාර ගැහැණු පිරිමි වශයෙන් කණ්ඩායම් හරි කේවල හරි තරගෙට ඉදිරිපත් කරන්න ...."
" මගෙන් මොකක්ද වෙන්න ඕන මිස්ටර් ලයි ...."
" අපිට දක්ෂතා තියෙන කණ්ඩායමක් තෝරගන්න වෙනවා.. කාන්තා කොටස මිස් යූඊ බාරගත්තා .. ඔයාට පිරිමි ළමයින්ගෙ පැත්ත තමයි බාර.. මිස්ටර් චාඕ තමයි මේ කටයුත්ත භාරව ඉන්නේ... "
"ශාන් අපි මේකට සුදුසු ළමයි කීපදෙනෙක් තෝරගමු .. අපිට මාස දෙකක් තියෙනවා පුහුණුවීම් වලට... මිස් යූඊ ගැහැණු ළමයි ටික තෝරලා මට විස්තර දෙන්න... අනික තමයි සුදුසුකම් තියෙන කෙනාව මිසක් දැනහැදුනුම් කම් තියෙන අයව තෝරගන්න එපා... "
ඇත්තෙන්ම චාඕ කියන්නෙත් නීතියට සාදාරනත්වයට වැඩ කරන පුද්ගලයෙකි...
" ඒත් මෙහෙමයි මිස්ටර් ශාන් ... එදාවේල හොයාගන්න බැරි අයගෙ ළමයි මේකට ගන්න එපා.. එයාලගෙ වියදම් අපිට දරන්න බෑනේ.. අනිවාර්යයෙන් මේ වැඩේට දෙමවුපියන්ගේ පැත්තෙනුත් වියදමක් දරන්න වෙනවා..."
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....