💋 💋💋💋💋
ශාන් විනාඩි කිහිපයක් ඒ දෙතොල් හා රැඳුනු අතර ඉන්පසුව සෙමින් යීබෝගේ දෙතොලින් දෙතොල් මුදවා ගෙන නළලට කම්මුල් මතට හාදු තවරන්න ට විය...
යීබෝ තවමත් දෙනෙත් පියාගෙන ශාන්ගේ මුහුණ මතට මුහුණ තබාගෙන සිටින්නේ ඒ උණුසුම තවත් ඔහුට අවැසි බව පැවසීමට මෙනි....
" මගේ බෝ බෝ මම වොෂ් එකක් දාගන්නෙ නැද්ද... බලන්න මං ළඟ හරිම කිලුටුයි... දාඩිය ගඳ එන්නෙ නැද්ද ඔයාට ...."
යීබෝ සෙමෙන් දෙනෙත් හැර ශාන් දෙස මද වෙලාවක් බලා හිඳ .....
" යන්න ඉතින් ...."
යැයි පවසා ඔහුගෙන් ඉවත්වී ඇදට ගොස් දිගාවී පොරවනයද ඔලුවේ සිට පොරවා ගත්තේය ....
ශාන් සිනහසෙමින් නානකාමරයට වැදී දොරවසා ගත්තේය ... ඔහුට යීබෝගේ මේ දගකාර හිතුවක්කාරකම් වලට සිනා පහලවිය...
ශාන් සැහැල්ලු ඇදුමකින් සැරසී ඇදේ අනෙක් පසින් පැමිණ නිදන්නට සූදානම් වූ අතර මෙම මාස හතරටම පළවෙනි වතාවට යීබෝ අසලට ලංවී ඔහුගේ බ්ලැන්කට්ටුව තුලටම රිංගාගෙන ඒ බඳවටා අතක් දමාගනිමින් ඔහුව පපුවට තුරුලු කරගත්තේය ....යීබෝ සිටියේ අනෙක් පසට හැරී වූවත් ක්ෂනිකව ශාන් දෙසට හැරී ඔහුගේ මුහුණ ශාන්ගේ පපුව මත තබාගත්තේය .....
" බෝ.... බෝ......"
" හ්ම්ම්ම්"
" දැන් තුනත් පහුවෙලා පාන්දර .. මටනම් අද ඉස්කෝලේ යන්න බෑ... හැබැයි ඔයා යන්නෝනේ හාද ....."
" මටත් බෑ....."
යීබෝ ඔහුගේ දෑත් මතින් තව තවත් ශාන්ව තදකරගනිමින් පැවසීය....
" ඔන්න ඔන්න ඉතින්.... මම තරහා වෙනවා බෝ බෝ....."
" තරහා වෙන්න... මම උදේට යාලුකරගන්නම්.... මට නිදිමතයි... මමත් හෙට ගෙදර....."
ශාන්ගේ පපුව පිරෙන්නේ මේ ආදරය නිසාවෙනි .... හෙමින් හෙමින් ඒ හිසකේ පිරිමදිමින්ම දෙදෙනාම නින්දට වැටුනි.....
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
" යීබෝ .... යීබෝ ......"
යීබෝගේ පියාගේ හඩින් ශාන් මෙන්ම යීබෝද අවදිවිය්... ඒ වනතුරුත් ශාන්ගේ පපුවට තුරුලුවී සිටි යීබෝට ජීවිතයේ පළමුවෙනි වරට මෙවන් දීර්ඝ නින්දක් ලැබී තිබුනි... ශාන් හුන් අයුරින්ම දුරකතනය ගෙන වෙලාව බැලුවේය ...
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....