තිස් නවවන දිගහැරුම ......

2.1K 430 86
                                    

The miracle of love ...........❤💚

තිස් නවවන දිගහැරුම ...............

ශාන් යීබෝ සමගින් මමාගේ යෙහෙලියගේ  apartment එකට එන විට උදෑසන අටත් පසුවී තිබුනි..... මහල් දහයකින් සමන්විත ගොඩනැගිල්ලක හතරවෙනි මහලේ එම නිවස පිහිටා තිබුනි... නිවසට ඇතුලුවූ වහාම ශාන් යීබෝගෙ පිටුපසින් ගොස් ඔහුව බදාගත්තේය ... යීබෝ නිවස වටපිටාව නරඹනින් සිටි අතර දැන් ශාන්වත් ඇදගෙනම යන්නට සිදුවෙලාය.... නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක් පැන්ට්‍රියටම ඕපන් උනු කෑම කාමරයක් එහි විය. කාමර දෙකටම අල්ලා නානකාමර තිබුනු අතර පැන්ට්‍රිය අසලත් කුඩා නානකාමරයක් විය.....

" මේක තමයි අපේ බෙඩ් රූම් එක බෝ බෝ... "

ශාන් යීබෝව බදාගෙන යන අතරතුර හමුවුනු අලංකාර නිදන කාමරය පෙන්වා කීවේය ....

" හ්ම්ම්... මේක හොදයි තමයි ...."

දෙදෙනාම ගමන් විඩාව නිසාවෙන් මගින් රැගෙන ආ උදෑසන ආහාරය ගෙන කිසිවක් අස්පස් නොකර විවේකයක් ගැනීමට ඇදට ගියේය....

"  බෝ බෝ...."

ශාන් යීබෝගෙ උරෙහි හිස හොවාගෙන ඔහුගේ කමිසය යටින් අතදමා උදරය මත ඇඟිලි තුඩුවලින් රටා අදිමින් කතාකරන්නට විය...

" හ්ම්ම්.."

" ඔයා කැමැත්තෙන් නේද මෙහෙ ආවෙ... නැත්නම් මම හින්දා ........."

"ආය ඔයගැන කතාකරන්න එපා.... ඔයා ඉන්න තැන මොනවගේ උනත් මම එතන ඉන්නවා ...."

ශාන් කියන්නට ගිය වාක්‍ය සම්පූර්ණ කරගන්නට ඉඩ නොදී යීබෝ මැදින් පැන්නේය...

ශාන් තව තවත් ඒ පපුමතට තුරුලුවිය...

",ඔයා දැන් මට සැරකරනවා බෝබෝ.. "

ශාන් මවාගත් නෝක්කාඩු ස්වරයකින් කීවේය... 

" ඕනෙ නැති කතා කියන්නෙපා ඉතින්... මම ඔයාලඟ ඉන්නෙ කැමැත්තෙන් ... "

දෙදෙනාටම මහන්සිය නිසාවෙන් නින්ද ගියේය....

⏰ ⏰⏰⏰

ශාන්ගේ දුරකතනය එකදිගට නාදවන්නට වූ නිසාවෙන් මුලින්ම අවදිවූයේ යීබෝය.. ශාන් කවදත් මෙලෙසය... දුරකතනය නාදවූවත් දැස් අරින්නේ නැත...
ශාන් පපුව මත ඉදිද්දීම යීබෝ දුරකතනය අතට ගත්තෙය. ඇමතුම  ශාන්ගේ මමගෙනි...වෙලාව දුටු යීබෝ පුදුම විය... සවස තුනත් පසුවීය.  ඔහු ඇමතුම සම්බන්ධ කරගත්තේය ....

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now