විසි දෙවනි දිගහැරුම

2K 398 19
                                    

The miracle of love .............❤💚

බෝනස් කොටස....................

යීබෝගෙ පියාගේ ඉඩමේ ගැටලුව ශාන් මැදිහත්වී විසදූ අතර.. ලියවිලි සියල්ල නිවැරදිව සකසා අඩක් මුදල් පියවා ඉඩමේ ඔප්පුව වන්ග් අතට ලබාගත් අතර ඉතිරි අඩ මාසිකව ඉක්මනින් ගෙවා අවසන් කිරීමට ලිපියක්  පළපුරුදු ලෝයර් කෙනෙකු ඉදිරියේ සැකසූ ශාන් එහි කොපියක් යංග් අතටද තවෙකක් වන්ග් අතටද ලබාදුන්නේ ගැටලුව නිරාකරණය කරමිනි......

යංග් මුදලාලි    සියල්ලම නිහඩව විදදරා ගත්තේ මෙවන් වූ සුලු අලාභයක් නිසාවෙන් මතුවට ලැබෙන්නට යන විශාල ධනස්කන්දයට පයින් ගැසීමට ඇති අකමැත්ත නිසාය.. මේ වැඩෙන් හෝ ශාන්ගේ හිත දිනාගැනීමට ඔහු සිතාගත්තේය  ...

සවස යීබෝ එළවළු වලට වතුර දමන්නට ගිය අතර ශාන් පපාට දුරකතන ඇමතුමක් ලබාගන්නට සුපුරුදු ස්ථානයට ගොස් වාඩිවිය...

" හෙලෝ පපා...."

" තමුසෙට එක එකා අතේ බුලත් එවන්න ඕනෙද කෝල් එකක් ගන්න...."

ශාන් නිහඩව අසා සිටියා මිස කිසිවක් කීවේ නැත....

" දැන් හෙට එන්නෙ නැද්ද ඔය මිනිස්සු එක්ක....."

" නෑ... මට වැඩ තියෙනවා ...."

" එහෙනම් තමුන් මනේ එන්නම් කියලා කියලා තියෙන්නෙ ඒ මිනිස්සුන්ට  . ."

" මං මොකටද එහෙම යන්නෙ.. ..මට හෙට විශේෂ වැඩක් තියෙනවා ..."

" හ්ම්ම්.... එහෙනම් ඒ මිනිස්සු එක්ක ඕනවට වඩා සම්බන්ධකම් අවශ්‍ය නෑ තේරුනද "

" ඕනෙවට වඩා නෙවෙයි මගෙ එහෙම කොහොමටවත් නෑ..."

" හ්ම්ම්..... එන්නෙ නැද්ද මමාව බලන්න... මමත් ලබන සතියේ කොරියා යනවා සති දෙකකට..."

"  ලබන වීකෙන්ඩ් එකේ එන්නම් "

එසැනින් ම මමාටත් ඇමතුමක් ගත් ශාන් ෂියාඕ කොරියන් යන දිනය හරියටම අසා දැනගත්තේ එක්වරම සිතට නැගුනු සිතුවිල්ලක් හේතුවෙනි......

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

නැටුම් කණ්ඩායම් දෙක සඳහා ළමුන් තෝරා ගැනීමේදී යීබෝගේ නර්ථනය පිළිබඳව සියල්ලන්ම විශේෂයෙන් කතාකරන්නට විය... ඔහු විනිසුරු මඩුල්ල ඉදිරියේ වසර තුනකට පෙර ඉදිරිපත් කල නර්තනයෙන් කොටසක් ඉදිරිපත් කල අතර ශාන් නම් වශීවී ඒදෙස බලා සිටියේය.... හදන්නට නම් අඩුපාඩුවක් නැති තරම් බව ශාන්ට යීබෝගෙ නර්තනය දුටු සැනින් අවබෝධ විය...

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now