The miracle of love ...... ❤💚
පස්වන දිගහැරුම.............................
👧👧👧👧👧👧👧👧👧👧👧👧👧👧
ශානුත් අනිත් තිදෙනාත් මේ අනපේක්ෂිත සිදුවීම නිසා උන්හිටි තැන් වලම නතර වී පැද්දී පැද්දී ඔවුන් දෙසට එන මිස් ශෙන්ග් යූඊ දෙස බලා සිටින්නට විය.....
👧" ඊයෙ අලුතෙන් ආවට අපි අදුනගත්තෙත් නෑනෙ මිස්ටර් ශාන් . මම ශෙන්ග් යූඊ... මම තමයි මේ දෙන්නගෙ class ටීච ...."
බටහිර හුරුවට කියාගෙන ගිහින් ශාන් දෙසට අත දිගු කලේ අමුතු හිනාවක්ද සමඟිනි ..
'ඉතින් මට පාන්ද' 🙂 ශාන්ට එහෙම හිතුනත් හරි අහිංසක හිනාවක් එක්ක ඒ අතට අත දී ආචාර කලේය...
(මේ දිහා මෙතන ඉන්න තව කෙනෙක් ඉතින් පුදුමාකාර ආවේගයකින් බලාගෙන ඉන්නවා.... උඹට දෙන්නං මං කියලා හිතන ගමං)
👧"දැන් මගෙ ළමයි දෙන්නටනේ අසාධාරණයක් වෙලා තියෙන්නෙ . ඔයා කොහොමද මේ ප්‍රශ්නෙ විසදන්නෙ මිස්ටර් ශාන්.....?"
'දීපංකො උත්තර ... මේ පුංචි චන්ඩියා හින්දා මගෙ රෙදි ගැලවෙන සීන් එකක් යන්නෙ... කමක් නෑ ගනු කඩුව එනු සටනට ... මාත් අරින්නෑ......'ශාන් උත්තර දෙන්න හදනකොටම යීබෝ මැද්දට පැන්නා.....
"මමනේ වැරැද්ද කරේ... මම දඩුවම් විදින්නං"
ශාන්ට දැන් කේන්තිය අසූහාරදාහට... මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න හදද්දි මේ ගෙඹි පැටියා පැන්නනේ.....දැං කට උත්තර නෑ ඉතින්...
👧"හොදයි උද්‍යාන අලංකරණ පීරියඩ් එකේනෙ මේක උනේ... හේතු කියන්නෙත් නැති හින්දා....... හ්ම්ම්ම්ම්ම්.... හරි එහෙනම් වතුරත් එක්ක ගනුදෙනු වලට තමුසෙ හරි ආසයි වගේනෙ... ටැප් ලයින් එකෙන් වතුර දාන්න බැරි දුරින් තියෙන ඔක්කොම පැළ වලට බකට් එකෙන් ගෙනිහින් වතුර දානවා... ඉවරවෙලා මට ඇවිත් කියලා තමයි තමුං යන්න ඕනෙ..."
ශාන්ට කිසිම දෙයක් කියාගන්න ඉඩක් නොතියා යීබෝ වගා කලාපය පැත්තට යන්න ගියේ ශාන්ටත් කවදාවත් නැති පුංචි හිනාවක් දාලා... මේ ආපු දින දෙකට ශාන් පාසල ගැන දන්නා අයුරින් නම් වගා කලාපය ගොඩාක් විශාලයි වගේම ටැප් ලයින් එකෙන් වතුර දාන්න බැරි ප්‍රමාණය වගා කලාපයෙන් භාගයක් විතර වෙනවා... මේ කොල්ලා තනියෙන් කොහොමද මෙච්චර ගොඩකට වතුර දාන්නෙ.....
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....