විසිදෙවැනි දිගහැරුම .....................
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡
රැන්ග්ගේ අදහසට යංග් මුදලාලිද එකපයින් කැමති විය... සැබැවින්ම යංග්ටත් ශාන්ව නම්මා ගැනීමට නොහැකි එකම බාදකය යීබෝ ය..... පැයක් පමණ දීර්ඝ සාකච්ඡාවකින් පසු රැන්ග් ඉමහත් ප්රීතියෙන් තම මෝටර් බයිසිකලයේ නැගී ඉගිල්ලී ගියේය...
" හොදයි යීබෝ ගස්වැද්දා එහෙනම් බලාගෙන හිටපං උඹ තරගෙට ගිහින් නටන හැටි ....."
විදුලි වේගයෙන් ඉගිලී යන අතර රැන්ග් කීපවරක්ම මේ වාක්ය තනිව මුමුණමින් සිනාසෙන්නට විය..
ශාන්ට නම් මේ දින දෙක කල්පයක් මෙනි.. පෙරදින ලෙලේ විසින් රැගෙන ආ.. යීබෝගේ කොස්ටියුම් එක දැන් තුන් හතර වතාවක් ඒ මේ අත හරවමින් අඩුපාඩු පරීක්ෂා කරන ශාන් දෙවරක්ම එය ඇද බලන්නැයි යීබෝට ඇවිටිලි කලේය...
" දැන් ඊයෙත් ඇන්දනේ... ආය ඕක අදින්නේ අනිද්දා ඔන්න.... "
ශාන් නිහඩ විය... ඉතින් ඒ අවසන් තීරණය බව දන්නා බැවිනි... නිහඩව කටත් ඇදකරගෙන ශාන් කණ්ඩායම් නර්තනය වෙනුවෙන් සූදානම් කල ඇදුම් වෙතට අවධානය යොමුකලේය....
ශාන්ට කප්පරක් රාජකාරිය ... එක් විටෙක දුරකථනය ගෙන සුපුරුදු ස්ථානයට ගොස් චාඕ ට කතාකරමින් ගමන පිලිබඳව සාකච්ඡා කරයි... තවත් විටෙක යීබෝ සමග ඒගැන කියන්නට ගොස් කනපුරා අහගනී.......
"බෝ බෝ..."
"හ්ම්ම්ම්....."
" අර කතාකරපු වාහනේ ඇතිවෙයිද ඔක්කොටම යන්න..."
"හ්ම්ම්ම්..."
තරඟය තිබෙන්නේ සිකුරාදාය මේ බදාදා රාත්රියයි.... ශාන් සෝපාවේ ඉදගෙන පොතක යමක් සටහන් තබමින් සිටින අතර යීබෝ 🍜 නූඩ්ල්ස් පිසිමින් සිටියේය...
"මොනවද බෝ බෝ බකමූණෙක් වගේ හ්ම්ම්ම්ම්ම් කියන්නෙ... කට ඇරලා කියන්නකො......"
යීබෝ කරමින් සිටි වැඩය නවතා ශාන් අසලට පැමින ඔහු ලඟින්ම වාඩිවිය.. යීබෝ වාඩිවන තුරු ශාන් ඔහුව නොදුටු නිසා ගැස්සී ගියේය ...
" බෝ බෝ.... මොක්....."
යීබෝ එක් අතකින් ශාන්ගේ කට වසා ගෙන කතාකරන්නට පටන්ගත්තේය ..
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....