🌞 🌞🌞🌞🌞🌞🌞🌞
" චාන්ගා මට බෑ කෝට් දාන්න...."
" අනේ බෝ බෝ... කියන එක අහන්න... ඉස්කෝලෙ ඔක්කොම ඉස්සරහා ගොඩයෙක් වගේ යන්නද හදන්නෙ....මේක දාගන්න...."
" එපාවෙනවා... ඔයානං වාතයක් චාන්ගා .... ඔයා නෝමල් අදිනවා... "
" හරි මැණික ... අදට විතරයි නේ... බලන්නකො මනමායා වගේ ඉන්නහැටි දැන්....."
ශාන් මේ යීබෝව සූදානම් කරන්නේ පෙරදින ඔවුන් ලුෆෙන්ග් එනබව ආරංචිවී හදිසියේම පාසලේ සූදානම් කර ඇති පිලිගැනීමේ උත්සවයට යන්නටයි... එය යීබෝව පිළිගැනීමටත් ශාන්ව ඇගැයීමටත් සූදානම් කර තිබුනි....
",චාන්ගා .... ඊයෙ කකුල් රිදෙනවා කියලා නිදාගත්තා. අද එහෙම බෑ හොදේ..."
යීබෝගෙ කොන්ඩය හදමින් සිටි ශාන්ව මොහොතක් වැළදගෙන ඔහු පැවසුවේය ....
" කෝ ඉතින් එහාට වෙන්න බෝ බෝ.... දෙන්නගෙම ඇදුම් පොඩිවෙනවා.... බලන්න වාහනෙත් එයි දැන් ..."
"චාන්ගා ඇයි පපා විශේෂයෙන්ම රෑ කෑමට එහෙට එන්න කිව්වෙ...."
" ගිහින්ම බලමු ඉතින්.... දැන් යමු බෝ බෝ....ඔයත් පොඩි එකෙක් වගේනෙ වෙලාවකට...."
🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢🏢
ශාන් යීබෝ සමඟින් මාස එකොලහකට පසුව ලුෆෙන්ග් මධ්‍ය විද්‍යාලයේ දොරටුව අසල සිටගෙන පාසල දෙස මදවේලාවක් බලා සිටියේය ... එය දැන් තරමක් දියුනුවී ඇත... අහස උසට ඉදිවන අලුත් ගොඩනැගිලි දෙකකි.... යීබෝගෙ දෑස් දිදුලනු ශාන් දුටුවේය .
💐💐💐💐💐💐
ගේට්ටුව අසලදීම කුඩා දැරියන් දෙදෙනෙක් ශාන්ට සහ යීබෝට අලංකාර මල් පොකුරු දෙකක් පිලිගැන්වීය ... යීබෝනම් තරමක් ලැජ්ජාවෙන් පසුවිය...
පාසල් ප්‍රධාන ශාලාව දක්වා තූර්යවාදන කන්ඩායම පසුපසින් ශාන් යීබෝ මෙන්ම මිස්ටර් ලයි , මිස්ටර් චාඕ , මිස් යූඊ මෙන්ම අනෙකුත් ගුරු මණ්ඩලයද සිටියේය ... සියල්ලන් සමඟ එකටම හෙමින් ඇවිදයන අතරත් යීබෝ ශාන් අතර පරතරයක් තබාගන්නට අකමැතිවිය.. ගෑවි නොගෑවී මෙන් ලඟින් ලඟින්ම දෙදෙනා යනදෙස බලා සිටිනා ඕනෑම අයෙකුට මොවුන් දෙදෙනා අතර ගුරු ගෝල සම්බන්ධයකට එහා ගිය යමක් ඇතිබව වැටහෙන්නේය ...
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....