✡️✡️
රෝහලට පැමිණ මවගේ කාමරයට ඇතුල් වීමට පෙර ම ශාන් කරදරකාරී මුහුණ වෙනුවට සැනසිලි දායක මුහුණක් මවා ගත්තේය .ඒ වන විට මව අවදියෙන් සිටිනු දැකීම ශාන්ට මහත් අස්වැසිල්ලක් විය.
" අපරාදෙනෙ රත්තරං මෙච්චර දුර ආවේ .. "
" මමාට අසනීප උනහම එන්නැතුව ඉන්න තරම් මම නරක මනුස්සයෙක් කියලා මමා හිතුවද . "
ශාන් මව අසලින් වාඩි වෙන ගමන්ම ඇසීය .
" අනේ නෑ රත්තරං මම කැමති නෑ ඔයා මේ ප්රශ්න ගැන දැනගන්නවට .. අනික ඔයා එහෙ ඉන්න එක මගෙ හිතට සැනසීමක්....."
" මමා දැන් ඕවා කල්පනා කරන්න එපා... හැමදේම හොදින් විසදෙයි.... රෙස්ට් එකේ ඉන්න... දැන් මාත් ආවනේ....."
ඒත් සමඟම ශාන්ගේ දුරකතනය නාදවිය.... ශාන්ගේ මුවමත ලස්සන සිනහවක් මතුවෙනු මමා මෙන්ම යැන්ලිද දුටුවේය ...
" බෝ බෝ ගන්නවා මමා... මමාට කතාකරන්න ඕනෙ කිව්වා.. දැං ඔන්න ආන්සර් කරපු ගමං මට බනී..."
ශාන් සිනාසෙමින්ම ආන්සර් කලේය.. වීඩියෝ කෝල් එකක් නිසාවෙන් ඔහු කියනා සියල්ල සියල්ලන්නටම ඇසේ...
" වෙලාව බලන්න උගන්නන්න වෙයි වගේ නේද.... මම විනාඩි විස්සක් දැන් මෙතන.. ගියා විතරයි මාව මතකත් නෑ....."
ශාන් මෙන්ම මමාද යැන්ලිද සිනාසුනේය...
" බෝ බෝ මේ ඔයා කියන එව්වට මමත් හිනාවෙනවා..... "
එවරනම් යීබෝගෙ මුහුණ ලැජ්ජාවෙන් රතුවනු ශාන් දුටුවේය ....
" කොහොමද රත්තරං .... ඔයාට පාලුයිද මෙයා නැතුව... එවන්නෙ නැතුව තියාගන්නනෙ තිබුනේ...."
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....