The miracle of love ......... 💚❤
දාහතර වන දිගහැරුම ........
🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵
" අන්න යංග් මුදලාලී යූඊ දෙන්නම මිදුලේ..."
යීබෝ බයිසිකලය නවත්වමින් පැවසීය ..
" මොන ඉටි ගෙඩියකට එනවද මංදා... මූඩ් එක කෑවනෙ ඉතින් මගෙ.... බෝ බෝ යන්න නං එපා මාව දාලා... රන්ඩුවට යන්නත් එපා ඕං...."
ශාන් තරමක් කේන්තියෙන් පැවසීය..
" ශිහ්... බෝ බෝ හරවගෙන යන්නත් බෑ නේ.. අපිව දැක්කා නෙ..."
" මොන මගුලකටද හරවලා යන්නෙ... ඔන්නොහොම ඉන්න.. ගිහින් බලමුකො මොකාටද එන්න හදන්නෙ කියලා ... මඟුල තීන්දු කරන්න ඇවිත්ද දන්නෑනේ..."
යීබෝ කේන්තියෙන් පවසනා අතරම යලිත් බයිසිකලය පදින්නට විය..
" මගුලක් ... මගුලක් තමයි දැං අඩු.. අනේ මගෙන් කුණුහබ්බ අහගන්නෙපා බෝ බෝ..."
බයිසිකලය නිවස අසල නවතන විටම යූඊ ඉක්මන් ගමනින් ඔවුන් අසලට පැමිණ
" අයියෝ ශාන් බලන්න ඔයාගෙ හැටි... මුං එක්ක යන්නෙපා කියලා මම එදත් කිව්වනේ.."
ශාන් ඉක්මනින් ම බැලුවේ යීබෝ දෙසයි.... ඔහු කේන්තියෙන් පුපුරමින් සිටිනු දුටු ශාන්...
"අයියෝ... මේ මොනවද කියන්නෙ මිස් යූඊ ... මම බලෙන්ම යීබෝ එක්ක ගියේ.. හරිම සතුටින් ගෙවුනේ අද දවස... ඉතින් ඔයාලා මොකද මේ පැත්තෙ..."
බොහෝම ඉවසීමෙන් සහ ආයාසයෙන් මවාගත් සිනහවකින් විමසන්නට විය..
"ඉතින් අපිට ගෙටවත් එන්න කියන්නෙ නැද්ද මිස්ටර් ශාන් ... අපි මේ අද දවසට මෙතනට ආව දෙවනි වතාව..."
", ආහ්... යමු ඇතුලට .. බෝ බෝ ඔයා ඇතුලට ගිහින් නාගන්න ඉස්සරලාම "
"මෙයත් මෙහෙද ඉන්නේ..."
යූඊ අමුතු බැල්මක් යීබෝ වෙත හෙලමින් ඇසීය..
" ඔව් යීබෝ ඉන්නෙ මාත් එක්ක.. මම එයාව නවත්තගන්නෙ මගෙ තනියට..."
ශාන් එය තරමක් ආවෙගයෙන් යුතුව පැවසූ බව තේරුනු යූඊ යලිත් කිසිවක් නොපවසා නිවසට ඇතුල් වී සෝපාවෙන් වාඩිවිය.. ඇයත් සමගින් යංග් මුදලාලි ද ඒ අසලින් වාඩිවුනු අතර යීබෝ ශාන් සමගින් නිවසට ඇතුලු විය...
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....