The miracle of love ......💚❤
දහතුන් වන දිගහැරුම ............
😕😕😕😕
" එහෙම හෙට යූඊ ඇවිත් රවුමක් යං කිව්වොත් යන්න ඕනෙ ... ඇයි අප්පා පාලුවෙන් ඉන්න පුලුවන්ද මේකට වෙලා .... "
ශාන් යටින් යීබෝ දෙස බලමින් එසේ පවසා නැගිට කුස්සියට ගොස් නූඩ්ල්ස් පිගන් දෙකට දැම්මේය ....
ශාන් ඒ වැඩය අවසන් කර හැරෙන විට ඔහු පසුපසින් යීබෝ හිටගෙන සිටි නිසා ගැස්සී ගියේය ...
" මගුල..... බෝ... බෝ.... මං බයයි කියලා දැනගෙනම සොම්බියා වගේ හිටගෙන ඉන්නෙ... තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙනවා ... "
ඇතිවූ කෝපය නිසාම ශාන් බැනගෙන ගියේ අතේ ඇති හැන්ද යීබෝ දෙසට දිගුකරමිනි...
යීබෝ තවත් ශාන් කිට්ටුවට පැමිණ ඒ අතින් අල්ලා ගෙන......" මොකක්ද කිව්වේ.... අරකිත් එක්ක බයික් එකේ යනවා කියලද කිව්වේ... "
යැයි ශාන්ගේ දෑස් මතට එබෙමින් ඇසීය..
" බෝ... බෝ.... මම...ම..ම . විහිලුවට කිව්වේ.... ඔයා මාව එක්ක යන්නෙ නැති නිසා... මං යන්...නෑ... ආවත් හුම්..."
ශාන්ගේ කියැවිල්ලට යීබෝට හයියෙන් සිනහවක් පිටවිය...
" මාව බය කරලා දැං මෙතන හිනාවෙනවා මෝඩ නරියා...."
" එක්කගෙන යන්නම් හැබැයි පැත්තකට වෙලා හෙවනකට වෙලා ඉන්නෝනෙ .... එතනට එන අයත් එක්ක වැඩිය කතා බෑ හරිද ..."
" හා ඉතින්.... ඔබතුමා කියන විදිහට ඉන්නම් කො..."
ශාන්ට දරාගන්නට බැරි සතුටක් ඇතිවිය.. ඇත්තෙන්ම ශාන් ගැමි පරිසරයට වගේම මේ මිනිස්සුන් සමග ගැවසෙන්නට ඔවුන්ට සහය වන්නට ඉතාමත් කැමත්තක් දක්වයි... විශේෂයෙන්ම යීබෝ වෙහෙස මහන්සිවෙන අවස්ථාවලදී ඔහු අසල ගැවසීමට ඔහු ප්රිය කරයි....
🌞 🌞🌞🌞🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
සෙනසුරාදා දිනයට හිරු මිහිකත සිපගන්නට පෙරාතුවම අවදිවූ යීබෝ ඔහුගේ දවසේ මුල්ම රාජකාරිය වන දෙනුන්ගෙන් කිරි දෙවීම සදහා හෙමින් අඩිය තබා පිටව යන්නේ ශාන් අවදිවේයැයි බියෙනි.. යීබෝ අවදිවී ශාන්ගේ ඇද අසල හිදගෙන ඔහුදිහා විනාඩි කිහිපයක් බලා සිටීම මේ මස තුල හැමදාමත් සිදුකරන ලද්දකි.... තද නින්දේ පසුවෙන ශාන්ගේ පියකරු මුහුණ, රෝසපාට තොල් මෙන්ම ඊට පහලින් ඇති maol එක හැමදාමත් යීබෝගෙ අලුත් දවසට ශක්තියක් ලබාදෙන පානයක් වැනිය....
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....