The miracle of love .......❤💚
අටවන දිගහැරුම ...........................
👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️
සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීමට ඇති උවමනාව නිසාම ශාන් යලිත් ඔහුගෙන් පෙර ප්‍රශ්නයම අසන්නය විය...
"මොකක්ද සිද්දවෙලා තියෙන්නෙ... මට කියන්න "
" යීබෝගෙ තාත්තා ලී වැඩනේ කරන්නෙ ඉතින් ඊයෙ රක්ෂිතයේ ගස් වගයක් කවුරු හරි කපලා පටවලා තියෙනවා .. ඒකට මේ අහිංසක මනුස්සයව ගාවලා""කවුද ඒවගේ වැඩක් කරන්න ඉන්නෙ... "
"සර් නම් ඒ මුදලාලිව දන්නෙ නැතුව ඇති ඒත් එයාගෙ දුවනම් ඔය ඉස්කෝලෙ මයි උගන්නන්නෙ..."
"හරි දැන් කොහෙ පොලිසියටද එක්කගෙන ගිහින් තියෙන්නෙ "
" ග්වන්ඩොන්ග් වලට තමයි අරං ගියේ.."
"හරි දැං අපිට යන්න පුලුවන් විදිහක් තියෙනවද ඉක්මනින් ම එතනට "
ඔහු මදක් කල්පනා කර
" හයර් එකට ගන්න වාහනයක් නම් තියෙනවා හන්දියේ..."
"හරි ඉන්න විනාඩියක් මම එන්නම්"
ශාන් ඉක්මනින් සූදානම් විය.. ටිකක් වැදගත් විදිහට කලු කලිසමක් සහ ලා කොළ පැහැති කමිසයකින් සැරසුනු ඔහු ඉක්මනින්ම පාරට පැමින ප්‍රථමයෙන්ම ෆෑන්ග් ට දුරකතන ඇමතුමක් ගත්තේය.
"හෙලෝ ෆෑන්ගා පොඩි හදිස්සියක් .."
"ඇයි ශානා මොකක්ද අවුල.. ඇයි මේ කලබලේ""මගෙ ගෝලයෙක්ගෙ පපාව දැං පොලිසියෙන් ඇරස්ට් කලා... ග්වන්ඩොන්ග් වලට ගෙනත් තියෙන්නෙ .. මම දැං එනවා.. උඹට පොලිස්ටේෂන් එකට එන්න පුලුවන්ද "
"හරි හරි මචං කලබල වෙන්න එපා.. අනික උඹට අතදාන්න පුලුවන් කේස් එකක් කියලා ෂුවර්ද "
"මේක මේ වැරදි වැටහීමක් මංඋඹට ආවම විස්තර කියන්නම්.. ඉක්මනින් එතනට පලයං... යීබෝ කියලා සුදු උස ලස්සන පිරිමි ළමයෙක් ඇති මං එනකල් පොඩ්ඩක් බලපං "
"හරි ශානා එහෙනම් උඹ වරෙං මම දැන්ම යන්නම් මට විනාඩි 10යි යන්නෙ "
ශාන් පැමිනි පුද්ගලයා සමගින් ඉක්මනින් හන්දියට ගොස් ඔහු සමගින්ම කුලී රියක් ගෙන ග්වන්ඩොන්ග් බලා පිටත්විය...
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....