විසිපස් වන දිගහැරුම

2.1K 388 28
                                    

විසිඑක් වන දිගහැරුම...........

පෙර කොටසට
https://www.facebook.com/groups/3101558573464093/permalink/3144611132492170/

🚗 🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗

ශාන් පැවසූ දෙය යීබෝට සිතාගන්නටවත් නොහැකිවිය...

" ඇයි මේ දැන් ඇස්දෙක වැටෙනවා බිමට..."

ශාන් තවමත් ඒ දෑස් මතට එබී එක් අතකින් කම්මුලක් අතගාමින් ඔහුදෙස බලා සිටී...

" ඇයි ඒකට සතුටු....."

ඇසෙන නෑසෙන ලෙසින් යීබෝ ඇසීය....

" හ්ම්ම්ම්ම්......ඒක නිසා මට මෙච්චර ආදරේ කරන චන්ඩියෙක් ඉන්නවා කියලා දැනගත්තා... , ඒ වගේම ආය ජීනා උනත් ඒවගේ බෙල්ලෙ එල්ලෙන්න එන්නෙ නෑනේ..... ජියැන්ග් උනත් දැනගත්තා චන්ඩියෙක් කියල මේ බෝ බෝ..... ඉතින් මට සතුටුයි.... එකම දුක අත තුවාල කරගත්ත එක් ... "

යීබෝගේ තුවාල උනු අත හෙමින් අතගාමින් ශාන් පැවසීය.... අදුරු වී තිබුනු මුහුණට ආලෝකයක් වැටී ඇතිබව දුටු ශාන් යලිත් කාරය පනගැන්වීය....

" බෝ බෝ......"

" හ්ම්ම්ම්..."

" අයිස්ක්‍රීම් කමුද ...."

" හ්ම්ම්ම්ම්...."

" ඇතුලට යනවද මම අරගෙන එන්නද කාර් එකට...."

"මට බෑ ඇතුලට යන්න...."

" හ්ම්ම්ම්.... චොක්ලට් අයිස්ක්‍රීම් නේද ඕනෙ...."

" හ්ම්ම්ම්...."

යීබෝගේ වැඩත් සමග කලබලයෙන් තිබුනු උදේවරුව එසේ ගෙවී සැන්දෑ කාලය උදාවෙමින් තිබුනි....

නිවසේ එක් පසෙක විශාල ඔංචිල්ලාවක් සහ බෙන්ච් කිහිපයක් සාදා ඇත්තේ විවේකීව සිටීමට සුදුසු ලෙසටයි....

සවස් වරුවේ කොහිවත් නොයා නිවසේ රැදීමට යීබෝට අවශ්‍ය විය... යැන්ලිද යෙහෙලියකගේ නිවසකට ගොස් සිටි බැවින්
ශාන් යීබෝ සමග එහි වාඩිවී සිටියෝය... ඔංච්ල්ලාවේ වාඩිවී කකුල් දෙකත් උඩ තියාගෙන ශාන්ගේ පෝන් එකේ වීඩියෝ ගේම් එකක් ප්ලේ කරමින් සිටින යීබෝට නම් මෙලෝ සිහියක් නැත... විටෙක ශාන්ට අවශ්‍ය ඇමතුමක් ගන්නට පවා යීබෝට නොවදිනා වැදුම් වැදීමට ශාන්ට සිදුවේ.....

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now