The miracle of love ...❤💚
හතරවන දිගහැරුම .........
🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨
සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නට නොහැකිව ශාන් තවත් තත්ත්පර කීපයක් ඇදටම වී දෑස් නිවස පුරා ගෙනයන්නට විය...... ශබ්දය ඇසෙන්නේ කුස්සියේ වහලය දෙසින් බව අවබෝධ වී ඔහු ඉක්මනින් ඇදෙන් බැස්සේ... 'ෆෑන්ග් මෙච්චර උදේ පාන්දර මනුස්සයෙක් එවලද'
යනුවෙන් සිතමිනි....
මුලුතැන් ගෙයි දොරත් විවරව ඇති අයුරු දුටු ශාන්ට දෙලොව රත්වෙන්නට පටන් ගත්තේය .....😮😮😮ඉක්මනින් පිටුපස දොරින් එලියට ගිය ශාන් දුටුවේ තවම හරියට හිරු එලියවත් වැටී නැති මේ වෙලාවෙ වහළය උඩ යමෙකු ඉදගෙන සිටින ආකාරයයි... ඇත්තෙන්ම දැන් වේලාව පාන්දර 5.30ට පමණ වන්නට ඇත.. ගස් කොලන් වලින් ගහන වටපිටාවක් බැවින් හිරු කිරණ පෙරී එන්නට උදෑසන හයවත් පහුවන්නටම අවැසිය....ශාන් ඒ අසලටම ගිය විට දුටුවේ යීබෝ වහලය පිලිසකර කර අවසන් වී ඉන් බසින්නට සූදානම් වන ආකාරයයි....
😮" ඉන්න ඉන්න මම ඉනිමගක් හරි මොකක් හරි අරං එන්නම් ...."
ශාන් කලබලයෙන් යන්නට හැරෙන විටම යීබෝ වහලෙන් බිමට පැන සෘජුව ශාන් ඉදිරියේ හිටගත්තේය...." ආ..හ් ඇයි පැන්නෙ බලන්නකො දරුවො කකුලක් වත් මොනවා හරි උනානම්"
"ඇයි මේ පාන්දර වහලෙට නැග්ගෙ... හවසට එක්කෙනෙක් එනවා කිව්වනේ හදන්න... බලන්න දරුවො මම නිදාගෙන ඉද්දි මොකක් හරි කරදරයක් උනානම් "
🧑" දරුවො කියන්න එපා යීබෝ කියන්න "
ශාන් දෙස නපුරු බැල්මක් හෙලා එසේ පැවසූ යීබෝ නිවස තුලට ගියේය ...
" මේ කොල්ලගෙ තියෙන සැර.. අනේ මන්දා මාව පිස්සු වට්ටනවා මේ නපුරු බැල්ම... දරුවො කියන්නත් එපාලු..."
ශාන් එසේ සිතමින් ඔහු පසුපසින් ගොස් වෙලාව බැලුවේ දැන් කොහොමත් ආය නිදාගන්නට නොහැකි බව දන්නා නිසාය..
යීබෝ යන්නට සූදානම් බවක් දුටු ශාන්" යීබෝ ඉන්න දැන්මම යන්න එපා තේ හදන්නම් මම... තාත්තා හිටියොත් ආය රන්ඩුවෙයි"
" දැං එයාට මුකුත් මතක නෑ "
"හරි කමක් නෑ ඉන්න.. මොනවද උදේට කන්න ඕන ඔයාට..."
"අර කාපු එකක් ඕන "
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....