The miracle of love .......💚❤
තිස් හයවන දිගහැරුම ..............
🚫🚫🔛
කතාව කියවන්න කලින් මේ කොටස කියවන්න......
අද කොටසෙහි 21+ සිදුවීම් ඇතුලත් වන බැවින් අකමැති අයෙක් සිටීනම් නොබලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි... ආදරයක් තුල අත්‍යාවශ්‍යම සිදුවීමක් ලෙස රාගය නම්කල හැකිය... මෙය කිසිදු පහත් මානසික තත්ත්වයක් හේතුකොට ගෙන ලියන ලද්දක් නොවේ...මේ තුලින්ද ඔවුන්ගේ ආදරයෙහි රසය පමණක් විඳගන්නා මෙන් ආදරයෙන් මතක්කරමි....⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
ගෙවුනු සතිය යීබෝටත් වඩා ශාන්ට කාර්‍ය බහුල විය... පාන්දර යීබෝව අවදිකිරීම, රාත්‍රී වනතුරු පාඩම් කිරීම, ඔහුට අතට පයට සේවය කිරීමට ශාන්ට සිදුවිය... කොටින්ම අතන තියෙන දේ මෙතනට ගන්නට වත් යීබෝට නොහැකි තරමට ඔහු හුරතලයෙකු විය... ශාන් මේ සියල්ල ආදරයෙන් ඉවසුවේය.... යීබෝ මෙසේ කරන්නේ ලංවෙන්නට නොහැකි ලෙස දැමූ තහනම නිසා බව ශාන් හොදින්ම දනී.... ඒ අතරතුර එක් දිනක් යූඊ ශාන්ගේ නිවසට පැමිණ එදා වැසිකිලිවල අසභ්‍ය දේවල් රෑන්ග් ලවා ලියවූවාට සමාව ගත්තාය... එය ශාන්ට පමණක් නොව යීබෝට ද පුදුමයක් වූ නමුත් ඇයගේ ඉරියව් වලින් ඇය ඇත්තෙන්ම පසුතැවෙන බව ශාන් අවබොධ කරගත්තේය...
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
යීබෝගේ විභාගය අවසන් වන දවසයි... තවත් දින තුනකින් ෂැංහයි යන්නට ශාන් සියල්ල සූදානම් කලේ මීට සතියකටත් පෙරයි... යීබෝව නිවසේ නවත්වාගත නොහැකි බැවින් මවගේ මිතුරියකගේ apartment එකක් ඔවුන්ට නතරවීමට සොයාගත්තේය.. තරගයට දින පහකට පෙර එහි යන්නේ ජියැන්ග් ගෙන් හොද පුහුණුවක් ලබා දීමේ අරමුණත් ඇතිවය...
" කීය වෙනවද බෝ බෝ ඔයා එනකොට ..."
යන්නට සූදානම්වී උදෑසන ආහාරය කවනතුරු කට ඇරගෙන සිටිනා යීබෝ දෙස සිනාසෙමින් බලමින් ශාන් ඇසුවේය ....
" මම එන්න ටිකක් රෑවෙයි .... "
" ඒ මොකද රෑවෙන්නෙ... "
" පොඩි ගමනක් යනවා ඉතින්... විභාගෙත් ඉවරයි නේ...."
ඇත්තටම ශාන්ට දුකක් සිතුනි... යන තැනක තමුන්වත් එක්කරගෙන යන්නට ඔහුට තිබුනි යැයි ශාන්ට සිතුනි......
ESTÁS LEYENDO
The miracle of love (yizhan ff Complete )
Fanficදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....