තුන්වන දිගහැරුම

2.6K 432 20
                                    

The miracle of love .. ❤💚

තුන්වන දිගහැරුම .................
🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑

එළියෙන් ඇහුනු සද්දෙ මොකක්ද කවුද මේ රෑ කෑගහන්නෙ කියලා බලන්න හිතාගෙන ශාන් ඉස්සරහා දොර ඇරගෙන එළියට යන්න ගියා..... එතකොටම කවුරුහරි ශාන්වත් තල්ලු කරගෙනම ගේ ඇතුලට කඩන් වැදුනා.....😮😮

උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ශාන් ආපස්සට හැරෙද්දි දැක්කෙ එයාට පිටිපස්සෙන් මුල්ලකට හේත්තුවෙලා ඉන්න යීබෝ ව.... ඒ මූනෙ පැත්තක් දම්පාට වෙලා.... තොලත් පුපුරලා ලේ එනවා..... ඒත් වචනයක් වත් කතාකරගන්න බැරිවුනේ අර ගෝරනාඩුව ලඟ ලඟම ඇහෙන නිසයි.....

තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු ශාන් බෝට කටට ඇගිල්ල තියලා කතාකරන්න එපා කියලා සන් කරලා ඇතුලෙ ලයිට් එක නිවලා දොරත් අඩවල් කරලා පාර ලඟටම ගියා.... 

👨" කොහෙද උඹ හැංගුනේ.... හැමදාම පුංචි අම්මට කරදර කරනවා.. මෙහෙ වරෙං මගෙ ඉස්සරහට උඹව ඉවරයක් කරන්න ......"

ශාන්ව දැකලා නතරවුනු මේ පුද්ගලයා දෙපැත්තට හතර පැත්තට වැනි වැනී කතාකරන්න ගත්තා..

"මේ අපේ අලුත් සර් නේද.   මහත්තයා දැක්කෙ නැද්ද මගෙ කාලකණ්ණි පුත්තරයා මේ පැත්‍තට යනවා... අද ඌ ඉවරයක් කරන්න මං මේ හදන්නේ.. "

"නෑ මමත් මේ සද්දෙ ඇහිලා ආවේ..  මේ මහ රෑ කෑ නොගහා දැන් ගිහින් නිදාගන්න "

"උදේ ඉදං නැහිලා නැහිලා ගෙදර එන්නෙ නිදහසේ වැටිලා නිදාගන්න ... ඒත් මේ ගෑණි ආපු වෙලාවෙ ඉදලා මාව කන්න හදනවා මුගෙ කෙරුවාව කියලා ... "

කියව කියවා පැද්දි පැද්දි ඔහු ආපහු හැරී යනු දුටු ශාන් සැනසුම් සුසුමක් හෙලුවේය...

ශාන් ඉක්මනින් නිවස තුලට ගියේය...
සාලෙ කොනක වකුටුවෙලා ඉදගෙන ඉන්න යීබෝව දැක්කම ශාන්ගෙ බඩ පපුව පත්තුවුනා... මේ ගමට පය තියලා දින දෙකයි ඒත් යීබෝ ශාන්ගෙ හිත හොල්ලලා තියෙන්නෙ පුදුම විදිහට.
‍ලඟිට ගිහින් ඒ අසලින්ම පාත්වුනු ශාන් යීබෝගෙ නිකටට අත තියලා මූණ හිමීට ඉස්සුවා...
වම් පැත්තෙ කම්මුල නිල්පාට වෙලා ඊට පහතින් තොල පුපුරලා ලේ එනවා... ශාන්ගෙ ඇස්දෙකෙත් කදුලු පිරුනේ එක ඇසිල්ලකින්.

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now