දොලොස් වන දිගහැරුම

2.2K 403 22
                                    

The miracle of love ....... ❤💚

එකොලොස් වන දිගහැරුම .......................

🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗

" බෝඩිම ඉස්සරහා කවුරුහරි ඉන්නවා.....
වාහනේකුත් තියෙනවා ...  "

යීබෝ බයිසිකලයේ වේගය බාලකරමින් පැවසීය....

"ඒ පාර මොකක්ද ..  "

ශාන් පැත්තකට ඇලවී ඉදිරිපස බැලීය..

" ආහ්.... මේ අපේ ලෙලේ අංකල් නේ...."

මිස්ටර් ලෙලේ යනු ශාන්ගේ පියාගේ හොඳම සේවකයෙකි.. කුඩා කල සිටම ශාන්ට සිටි හිතවතා ඔහුයි .... ඉතින් ලෙලේ දුටු විට ශාන්ට මහත්වූ සතුටක් ඇතිවිය...

" ශාන් බේබිට නම් ගමනාගමන පහසුකම් තියෙනවා වගේ.... "

🚲 න් බසින දෙදෙනා දෙස බලා සිනාසෙමින් ලෙලේ පැවසීය...

" ඔව්...කිසිම ප්‍රශ්නයක් නෑ ලෙලේ අංකල් ... මේ තමයි මගේ වාහනේ ...",

ශාන් බයිසිකලයට තට්ටුවක් දමමින් ඉතා ආඩම්බරයෙන් කීය...

" පදින්නත් පුලුවන්ද බේබි.."

එවර නම් යීබෝගෙ සිනාව තරමක් අසීලාචාර විය...

" මේ බෝ..බෝ... මගෙන් ගුටි කනවා හොදේ...."

ශාන් ලැජ්ජාවෙන් බේරෙන්නට යීබෝට සැරවිය...

" ආ... මට හිතාගත්තැහැකි ඉතින්..."

යීබෝ සිනාව ආයාසයෙන් නවත්වා ගත්තේ ශාන් දෙස යටින් බලමිනි ...

"ඉතින් ලෙලේ අංකල් ඇයි මෙහෙ..."

" මැඩම් තමයි එවුවේ... බේබිට කෑම ලෝඩ් එකක් හදලා එව්වා... තව ඕනෙනම් කාර් එක බේබිට දීලා මට ට්‍රේන් එකේ එන්න කිව්වා...."

" ආහ්.   මට කාර් එක එපා අංකල් ... ඕවා මහ කරදර .. මට තියෙනවා  හොද ඩ්‍රයිවර් කෙනෙක් එක්ක  සුපිරි වාහනයක් ...... ඉතින් යමු ඇතුලට පැය කීයක් ඩ්‍රයිව් කරන්න ඇතිද.. මහන්සීනේ.... හෙට උදේ යන්න... මම මමාට කියන්නම් .    "

" හරි බේබි.. "

ශාන්ගේ මෙම කරුණාවන්ත බවට යීබෝ බොහෝ සෙයින් ආලය කලේය....

යීබෝ ලෙලේ සමග වාහනය තුල තිබූ කලමනා ගෙට රැගෙන ආ අතර ශාන් බීමට යමක් සූදානම් කලේය...

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now