අටවන දිගහැරුම

2.4K 407 21
                                    

The miracle of love .....❤💚

හත්වන දිගහැරුම ..........................

🚜🚜🚜🚜🚜🚜🚜🚜

"හපොයි අද ආය නිදියනවා බොරු ඉතින්...උදේ පාන්දර කුකුලත් කරේ තියන් බෝබෝ ආවා... දැං මේ මොකක්ද කලබගෑනිය"

තමන්ටම කියාගනිමින් ශාන් ඇදේ හිදගෙන පිටතින් ඇහෙන ශබ්දයට ඇහුම්කන් දෙන්නට විය..

" ආ.... අල්ලන්න ,,, මෙහෙන් දාන්න.... කෝ ඉක්මන් කරන්න ..."

හිතාගන්නට නොහැකි හඩවල් සමග කිසියම් වාහනයක ශබ්දයක් ....
ශාන් ඉක්මනින් ඉදිරිපස දොර හැර මිදුලට පැමිණියේ මේ කුමන විපර්යාසයක් දැයි දැකබලා ගැනීමටයි ......

ගෙවල් කීපයට අතරමැදිව නවතා ඇති විශාල ට්‍රැක්ටරයකට 🚜 අවට නිවැසියන් ගෝනිවල බහාලූ එළවළු සහ පළතුරු පටවමින් සිටින අයුරු ශාන්ට දැකගන්නට ලැබුනි.......... ටැක්ටරයේ පිටුපස එළවළු ගෝනි අතර හිටගෙන පහතින් මිනිසුන් ලබාදෙන උර තනියම ඔසවාගෙන අසුරන්නේ වෙන කිසිවෙකුත් නොවෙයි බෝ බෝ බව ශාන් දුරතියාම හදුනාගත්තේය..... ශාන්ටත් නොදැනී ශාන් ඒ දෙසට ඇදෙන්නට විය.....

🧓"ආ,මේ අපේ අලුත් ඉස්කෝල මහත්තයනේ.... එනවද යන්න අපිත් එක්ක...."

එතැන සිටි වයෝවෘද්ධ පුද්ගලයෙක් ඉතා ගරුසරුව ශාන්ගෙන් විමසන්නට විය....
ශාන් ඉතා ලෙංගතු හිනාවකින් ඔහුට සංග්‍රහ කලේය.. යීබෝ පමණක් නොව පාසලේ තවත් ළමුන් කිහිපදෙනක් ද එහි යුහුසුළුව වැඩෙහි යෙදෙමින් සිටියේය ...

නගරයේ ජීවත්වුනු ශාන්ට මෙවන් සිදුවීම් අලුත් අත්දැකීම් ය... ඇත්තෙන්ම සෑම සති අන්තයකම හෝ සති දෙකකට වරක් මෙලෙස ගම්මුන් විසින් නෙලා ගන්නා අස්වනු ග්වන්ඩොන්ග් නගරයට ගෙන ගොස් විකුණා ගැනීම ලුෆෙන්ග් හි ප්‍රධාන ජීවනෝපාය කි....සියලුම දෙනා එකම වාහනයක් කුලියට ගෙන එළවළු පටවාගනු ලබන්නේ මුදලක් ඉතිරිකර ගන්නටද හැකි බැවිනි...

"මටත් එන්න ආසයි ඉතින්.."

ශාන් යීබෝගෙ දෑස් දෙස බලමින් පැවසූයේ අවසරයක් ලැබේදෝයි සැකයෙනි....

" සර්ලට නම් පුරුදුත් නෑ නේද .... ආසයි නම් යමු අපිත් එක්ක... "
ඒ යීබෝගෙ පියායි.......
ඒත් තවමත් ශාන්ට අවසරයක් ලැබී නැති සේය..... විනාඩි කිහිපයක් කල්පනාවේ සිටි යීබෝ ඇස් වලින් ' එන්න' යැයි පැවසූයේ ශාන්ගේ ඉහේ මල් පුබුදුවාලමිනි..

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now