📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
අදට යීබෝ ජපන් ගොස් සති දෙකකි.... ඔහු මේ උදේ පාන්දර ඇමතුමක් ගන්නේ අද ශාන් වත treatment වලට රෝහලට රැගෙන යාමට ඇති බැවිනි .....
",හෙලෝ..... බෝ... බෝ......"
ශාන් නිදිමතේම දෑස් නොහැරම ඇමතුම සම්බන්ධ කර ගත්තේය....
" ඇස් දෙක අරිනව මෝඩ චාන්ගා.... ඉක්මනට නැගිටලා ලෑස්ති වෙන්න දැන් ජියැන්ග් එනවා ඇති ....."
" අනේ තව විනාඩි දහයක් දෙන්න බෝ බෝ....."
"එය වීඩියෝ ඇමතුමක් නිසාවෙන් යීබෝට ශාන්ගේ මුහුණ හොදින් පෙනෙයි ... තවමත් සම්පූර්ණයෙන්ම විවරකර නොමැති දෑස් වලින් ඔහු යීබෝ දෙස බැලුවේ දැන් මිනිත්තු කීපයක් ඔහුගේ හඩක්වත් නොමැති නිසාවෙනි ....
" බෝ බෝ..... මොනවද බලාගෙන ඉන්නෙ ..."
",මට පාලුයි චාන්ගා ..... ඔතනට එන්න හිතෙනවා දුවගෙන ...."
ශාන්ගේත් පපුව හීරී ගියේය...
" තව සති දෙකයිනෙ මැණික ... ඕක ඉක්මනින් ගෙවිලා යයි ... මට මොනවද බෝ බෝ අරගෙන එන්නෙ... "
" කියන්නකො මොනවද ඕනෙ කියලා .... මම කොහෙන් හරි හොයාගෙන එනවා...."
ශාන් ලස්සනට සිනාසුනේය ....
" මට වෙන මුකුත් ඕනෙනෑ... ඔයාගෙ පපුවෙ මූණ තියාගෙන දවසක් ඉන්නෝනෙ බෝ බෝ...."
යීබෝට හීල්ලුනි...මේ ආදරය මේ තරම් පපුවට දැනෙන්නේ මන්දැයි ඔහු කල්පනා කලේය ..
මේ වන විට යැන්ලිගේ සහ ෆැන්ග් ගේ සම්බන්ධය කාටත් නොරහසකි... ෆෑන්ග් ග්වන්ඩොන්ග් වලට වඩා ෂැංහයි වල වැඩිපුරම කල්ගෙවන නිසාවෙන් ඔහු එහිම බැංකුවකට සුහද මාරුවක් හදාගත්තේය.. ඔහුගේ සහෝදරිය ලඟදී විවාහ වී දැන් ඇයගේ සැමියාද ග්වන්ඩොන්ග් නිවසේ ඉන්නා නිසාවෙන් මව පිලිබදවද බියවන්නටද හේතුවක් නැත... ෆෑන්ග් නතරවී සිටින්නේ ජියැන්ග් සමඟයි.... නමුත් නිතරම ශාන්ගේ වැඩ කටයුතු ඔවුන් අතින් සිදුවෙයි...
🧤🧤🧤🧤🧤🧤🧤🧤
ලුෆෙන්ග් වල තත්ත්වය ද හිතුවටත් වඩා සාමකාමී විය ... මේ වන විට වන්ග් ගේ නිවස අලුතෙන් ඉදි වෙමින් පවතී ... ඔහුට නම් යීබෝගෙ උදව් උපකාර අවශ්‍ය වන්නේ ද නැත .... ශාන් සොයා දුන් ලී බඩු කොන්ත්‍රාත්තුව නිසාවෙන් වන්ග්ගේ ලී මඩුව දැන් ලුෆෙන්ග් හන්දියේ විරාජමාන වෙමින් දිදුලයි.... ඊටත් වඩා සතුටුම කාරනය නම් මෙන්ලි දැන් තම දෙපයින් නැගිට පාසල් යෑමයි.. මෙන්ලි මුලින්ම පාසල් යන්නට සූදානම් වූ දිනයේ උදෑසනින්ම ශාන්ට වීඩියෝ ඇමතුමක් ගත්තේය... පාසල් ඇඳුමෙන් සැරසී පුංචි සුරංගනාවියක් මෙන් දෙපයින් ලස්සනට හිටගෙන සිටිනා මෙන්ලිව දුටු ෂාන්ට ඔහුගේ හැඬුම් වළක්වා ගන්නට නොහැකි විය ...
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....