🌞🌞🌞🌞🌞
යීබෝගෙ උණුසුම ටිකෙන් ටික ඉවත්වන විට ශාන්ටද ඇහැරුනේය... නමුත් දෑස් අරින්නටවත් නොහැකි තරමට හිසරදයක් හා ඇඟට පණනැති ගතියක් වූයේ පෙරේදා රාත්රියේ බියවී සිටි නිසාවෙනි... තුරුල්ලෙන් මිදී යීබෝ මේ යන්නට හදන්නේ කිරි බෙදා දීමටයි ... ශාන් ඔහුට තවත් තදින් තුරුලුවූයේ කෙදිරිගාමිනි....
" බෝ බෝ.... යන්නෙපා මට අමාරුයි... ඔලුව රිදෙනවා ඇස් අරින්නත් බෑ... ඇඟටත් පණනෑ වගේ...."
ඇත්තෙන්ම ඇඟත් රත්වී ඇති බව යීබෝට වැටහුනේය.....
" ඕකනේ ඔහොම තනියම යන්න හොදනෑ රෑ කැලෑවල...
බලන්නකො දැන් අමාරුයි නේ ඉතින්.... "යීබෝගෙ දෙනෙත් කඳුලින් පිරීගියේ ඔහු ඊයේ දින හිතුවක්කාර නොවූවානම් මේ කිසිවක් නොමැති නිසාවෙනි ....
"අනේ ඔලුව රිදෙනවා බෝ බෝ . "
ශාන්ගේ දෙනෙත් වලින් කඳුලු ගලායන්නට විය..
" ඉන්න මම ටැක්සියට කතාකරලා එන්නම්..අපි යමු බෙහෙත් ගන්න ..."
යීබෝ සියුම්ව ඔහුගේ හිස අතගාමින් පැවසුවේ වේදනාවෙනි..
" එපා බෝ බෝ... අර බොක්ස් එකේ තියෙනවා බෙහෙත් අරගෙන එන්නකො... ටැබ්ලට් එකක් අරගෙන බාම් ගාමු ... එතකොට අඩුවෙයි.. අඩුවුනේ නැතිනම් පස්සෙ යමු.."
යීබෝ ඉක්මනින් බෙහෙත් බොන්නට දී ඔයිල් ස්වල්පයක් හිසෙහි ගල්වා මසාජ් කලේය.... ශාන්ගේ දෑස් සනීපයට පියවී යද්දීම ඔහු යීබෝගෙ අතක් අල්ලාගෙන
" අනේ මගෙ ලඟින් කොහෙවත් යන්නෙපා බෝ බෝ.."
. යැයි පැවසුවේය ...මේවන විට තවමත් පාන්දර නිසාවෙන් යීබෝ යලිත් ශාන් අසලින් දිගාවී ඒ හිස පිරිමදින්නට විය.... යලිත් කිසිදු මොහොතක තමන්ගේ හදිසි කෝපය නිසා මෙවන් අනුවන කම් නොකිරීමට යීබෝ තරයේ අදිටන්කරගත්තේය...
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....