සඳ කොයි තරම් ලස්සනද?
අපි හැමෝම එහෙමයි හිතන්නේ.. පුරසඳ දවසට සඳ දිහා බලාගෙන ඒ ලස්සන විඳින්න අපි කොයිතරම් නම් ආසද?
ඒත් කවදාහරි අපි නිකමටවත් හිතුවද සඳ තමන්ගේ අඳුරු පැත්ත වහගෙන, එලිය පැත්ත විතරක් අපිට පෙන්නගෙන හිනාවෙනවා කියලා?
සඳ ලගට ලං වෙද්දී විතරක් පෙනෙන්න තියෙන ඒ අඳුරු ආවාට, ඒ අඳුරු පැතිකඩ තමන් තුලම සඟවාගෙන සඳ අපි එක්ක හැමදාම ලස්සනට හිනැහෙන්න අමතක කලේ නැහැ..
ඉතිං සඳ..,
මා නුඹට පෙම් කරන්නෙමි..
ඔබේ අඳුරු පැත්තටත්,
ඔබේ අඳුරු ආවාට වලටත්,
වෙනසක් නොකරම...මගේ සඳ..,
මා නුඹට හදවතින්ම පෙම් බඳිමි.
----------------------------------
🖤 සාරා අරිසු 💛
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]