21

379 43 1
                                    

අඬ අඬාම මධූ හයවෙනි මහලට පිවිසුනේ හරිම කලබලයෙන්. මේසය උඩ තිබුණු අත් බෑගයත් අතට ගත්ත මධූ, අසල තිබුණු සමාධිගේ හිස් පුටුවත් පහුකරලා ඉක්මනටම දුවගෙන ගියේ මේ ගොඩනැගිල්ලෙන් එලියට යන්න ඕනේ කියලා හිතුන නිසා. "මධූ අක්කේ? මොකද වුණේ?" දුවගෙන යන ඇයට ජනිත් ව මගදී මුණගැහුනත් ඇය පිලිතුරු දෙන්න නතරවුණේ නැහැ. "අරවින්දයා මොකද මේ වෙන්නේ?" ඔහුගේ ඉදිරියට ආව අරවින්දගෙන් ජනිත් එහෙම ඇහුවත් ඔහුත් හොදටම තරහින් හිටියේ කියලා ඔහු දැක්කා. කයිසර් ගොඩනැගිල්ලෙන් එලියට ඉක්මනින්ම බැහැපු මධූ හැකි ඉක්මනින්ම ත්‍රීරෝද රථයකට නැග්ගේ අඬ අඬාමයි.

මේ අතර සාගර මහතාගේ කැබිනය ඇතුලට ගියපු රදීෂ් ඔහුගෙන් විමසුවේ මේ සිද්ධවෙන්නේ මොනාද කියලා. සාගර මහතා කෙටියෙන් සිද්ධවුණ දේ කිව්වේ තරහින් පිඹ පිඹ.

"හයියෝ... මධුමිතාට ඔය කියන දේවල් කරන්න එයා මේ දවස් දෙකේ වැඩට ආවෙත් නැහැ. මමයි මධුමිතාට නිවාඩු දුන්නේ. ඒ ෆයිල් එක එයා ගාව තමයි තිබ්බේ... ඒත් ඉතිං.. ඒ වගේ ෆයිල් එකක් තියන්න බැරි තරම් එයා අවිශ්වාස කෙනෙක් නෙවේ... අපේ කම්පැණි එකේ වැදගත් සේවකයෙක්. එයා දැන් අවුරුදු ගාණක ඉදන් මේ කම්පැණි එකේ වැඩ කරනවානේ~! ඉතිං එයාව විශ්වාස කරන්නේ නැතුව මේ අවුරුදු දෙක තුනකට කලින් ආව ප්‍රියදර්ශනීව විශ්වාස කරන්නේ ඇයි ඒ?" රදීෂ් එහෙම ඇහුවේ තමාගේ පියාගේ මේ තීරණය හිතාගන්නවත් බැරුව.

"තමුසේ මොන $%^%^$ ද කරන්නේ රදීෂ්???? තමුසේ මගේ නම්බුව කනවා!!!" එකපාරටම සාගර මහතා කඩාගෙන පැන්නේ රදීෂ්ගේ ඇඟට.

"අපි මේ ටිකේ නිවාඩු දෙන්නේ නැහැ කියලා මම කලින්ම උ ඹ ට කියලයි තිබ්බේ රදීෂ්!!! මුලු කම්පැණි එකම දන්නවා මේ ටිකේ අපිට වැඩ ගොඩක් තියෙනවා කියලා. එහෙම එකේ උ ඹ කොහොමද මං කියන දෙයක් අහන්නේ නැතුව ඒ කි ට නිවාඩු දුන්නේ!!!??" සාගරගේ සැර කටහඬ එලියෙන් හිටිය නුරායාටත් ඇහෙද්දී ඇය ගැස්සිලා ගියා. මධුට නිවාඩු ලබාදුන්නේ රදීෂ් කියලා මධූ ඔවුන්ට කියලයි තිබුණෙ. ඒ ගැන නුරායා වගේම සමාධිත් රදීෂ්ට හදවතින්ම ස්තූතිවන්ත වුණේ ඇත්තටම මධූට මේ වෙලාවේ නිවාඩු ඕනේ කියන එක දැනුන නිසා. ඒත්.. රදීෂ් ඒ වෙනුවෙන් මේ තරම් බැනුම් අහගන්න එකට නම් නුරායාගේ හිත රිදුනා.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now