71

451 30 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🌙💝
71.

⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡

"ඇත්තටම රදී...ෂ්"

"ඇත්තටම... මම මිනීමරුවෙක් තමයි!"

නුරායා එලෙස පැවසුවත් ඔහුගේ දෙනෙත්වලින් කිසිදු වෙනසක් නිරූපණය වූයේ නැත.

"ඒක නම්... මම කලින් ඉදන්ම දැනගෙන හිටියේ..." ඇයගේ දෑත් අල්ලගෙනම ඔහු එලෙස පවසද්දී නුරායා විසල් කරගත්ත දෑස් එක්ක රදීෂ් දෙස බැලුවේ, ඒ කරුණ ඔහු කෙසේ දැනගත්තාද කියලා හිතන ගමන්. එය ඇයගේ ජීවිතයේ තවත් එක් රහසක් ලෙසයි ඈ සිතුවේ.

"සකූ? එයා ද ඔයාට කිව්වේ?" අවසානයේ හොඳින් කල්පනා කල නුරායා විමසුවේ වෙන කිසිදු ආකාරයකට ඔහු මෙය දැනගැනීම සිදුවිය නොහැකි නිසයි.

"ම්හ්හ්... හ්ම්ම්...." ඇයගේ කොපුල මත දඟ කෙරූ සුපුරුදු කෙහෙරැල්ල ඉවත්කරමින් රදීෂ් ඈ දෙස බැලුවේ දඟකාර අයුරිනුයි.

"සකූ මට ඕවා කියන්න ඕනේද? ඔයා කොහොමත් ගොඩක් වෙලාවට ඔය ඇස් බෝල කරලා බලලා මාව මරලා දානවානේ. ඉතිං.. මේ වෙද්දී කීදෙනෙක්ව නම් ඔහොම මරලා ඇත්ද ආහ්?" නුරායාගේ කොන්ඩෙත් අවුල් කරන ගමන් රදීෂ් එහෙම කියද්දී, නුරායා තම ඇස් කරකැව්වේ මේ තරම් වැදගත් දෙයක් තමන් කියද්දී රදීෂ් එකපාරටම කියන මෝඩ කතාව නිසයි.

"අනේ.. රදීෂ්, මළවිකාර කියවන්න එපා අනේ.. මම මේ සීරියස් කියන්නේ..." රදීෂ්ගේ උරහිසකට පාරක් ගහලා නුරායා එහෙම කියද්දී ඔහු නම් දඟකාර ලෙස සිනාසුනා.

නමුත් ඇයගෙ දෙතොල් අතර ඇඳී තිබුණු සිනාව නම් මැකී ගියේ, වීදුරුවට එපිටින් පෙනුනු අන්දකාර රාත්‍රිය තම දෑස්වලට දර්ශනය වද්දී. සිතට දැනුනු කරදරකාරී හැඟුමන් එක්කම නුරායා රදීෂ්ට තුරුළුවුණේ තමන්ට අවැසි සැනසුම ඒ තුරුළේදී පමණක්ම ලැබෙන බැවින්. රදීෂ් නිහඬවම නුරායාගේ හිස පිරිමැද්දේ ඒ හිතේ තමන් නොදන්නා කුමක් හෝ වේදනාවක් තියෙනවා කියලා දැනුන නිසා. ඇයව කෙලෙස සනසවන්නද කියලා ඔහුට සිතාගත නොහැකිවුණත්, ඔහුගේ මේ අහිංසක පුංචි සොයාබැලීමුත් ඒ සිතට ගෙනාවේ සැනසුමක් බව දැනසිටියේ නුරායා පමණයි.

"දන්නවද රදීෂ්..." තරමක් වෙලා නිහඬව සිටී ඈ කතා කරන්නට පටන්ගත්තේ සුසුමක් හෙළා අවසානයේදීයි. ඇයගේ හිතේ පැවතී ඒ හැඟීම් හෙළි කිරීම ඉතාමත් අසීරුවුවත්, ඒවා ඇයව අතිශයින්ම පීඩාවට පත්කරනවා වුවත්, මේ කරුණ නම් අද නොසඟවා ඔහුට පැවසිය යුතු බව ඇය සිතාගත්තා. ඔහු තමන් හා ඉදිරි අනාගතය පිලිබදව අතිශයින්ම සිහින මවන බව නුරායාට වැටහුනා. ඉතිං.., මේ කරුණ හෙළි නොකර ඔහුව තම ජිවීතයට සම්බන්ධ කර ගැනීම ඔහුට කරනා අසාධාරණයකි. ඔහු සියලු දේ අසා දැනගෙන, තමන් ව අතාරිනවා ද, නැතහොත් තමා සමඟ ඉදිරියට ජීවිතය ගෙන යනවාදැයි තීරණය කල යුතුය.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓Where stories live. Discover now