"හෙලෝ.. මිස් නුරායා, අපේ ස'ව මුණගැහෙන්න කෙනෙක් ඇවිල්ලා.." අනුත්තරා නුරායාට කතා කලේ නිමේෂ් දිහා තරමක් මනමාල බැලුම් හෙලන ගමන් නෙවේ කියලා කියන්නත් අමාරුයි. මධූ ඇය දිහා බලන් හිටියේ තරමක් රවන ගමන්. කවුද කැමති තමන්ගේ හස්බන්ඩ් දිහා එහෙම බලන් ඉන්නවට වෙන කෙල්ලෙක්?
"අපොයිමන්ට් එකක් තියෙනවද අනූ අක්කේ?" නුරායා එහෙම ඇහුවේ ඉක්මනින්ම තමන්ගේ පරිගණකය තුල සාගර මහතාගේ එදා වැඩපිලිවෙල දිගහැරගන්න ගමන්.
"ස..' අපොයිමන්ට් එකක්..." අනුත්තරාට ඉන් එහා කතා කරන්නට පුලුවන් වුණේ නැත්තේ නිමේෂ් ඇය වෙතට කඩන් පැන්න නිසා. "මට ඔය කෙහෙල්මල් අපොයිමන්ට් වලින් වැඩක් නැහැ!! මට මේ දැන් තමුන්ගේ ලොක්කාව මුණගැහෙන්න ඕනේ!!! එච්චරයි!!" නිමේෂ් එහෙම කෑ ගැහුවේ දුරකතනයේ එහා කොනේ හිටිය නුරායාවත් තිගස්සවන ගමන්.
"හ... හ..රි සර්.." අනුත්තරා එහෙම කිව්වේ වෙව්ලන දෙතොල් එක්ක. ඒත් ඇයගේ හිතට දැනුනේ නම් අමුතු හැඟුම්. නිමේෂ්ගේ ඒ දැඩි ගතියත් ඇයව ඔහු වෙතට ආකර්ශනය කරගත්තා කිව්වොත් හරි. මේ ඔක්කොම මධූ බලාගෙන හිටියේ ඇයගේ යටි තොලත් හපන ගමන්.
"නුරායා.., අපොයිමන්ට් එකක් නම් නැහැ.. ඒත් මේ සර්ට පුලුවන් නම් කොහොමහරි සාගර ස'ව මුණගස්සවන්න බලන්න" අනුත්තරා එහෙම කිව්වේ නිමේෂ්ගෙන් ලකුණු දමාගැනීමටයි.
"හරි.. බලමු.. මට නම කියන්න.." නුරායා හොඳ හුස්මක් අරගෙන කල්පනා කරන්න ගත්තේ සාගර මහතාවත් තරහා කරගන්නේ නැතුව මේ ප්රශ්නය විසදන්නේ කොහොමද කියලා.
"නිමේෂ් කුලසිංහ.." අනුත්තරා තමන්ගේ තොල් අතරින් ඒ නම පිටකලේ, ඔහු දිහා ඇස් යටින් බලලා. තරහින් හිටිය නිමේෂ් ට නම් අනුත්තරාගේ මේ ඉඟිබිඟි ඒ තරම් දැනුනේ නැති වුණාට තමන්ගේ සැමියා දිහාට එල්ලවුණු මේ උකුළු මුකුළු මධුගේ තියුණු ඇස්වලට නම් හොඳින්ම අහුවුණා.
'නිමේෂ් කුලසිංහ!?' ඒ නම අහපු ගමන්ම නුරායාගේ තොල් අතර හිනාවක් ඇඳිලා ගියා.
'රෝමියෝ එහෙනම් අසරණ ජුලියට්ව බේරගන්න ඇවිත්' සිත යටින් එහෙම හිතන ගමන්ම නුරායා ඉක්මනින්ම තමන්ගේ අසුනින් නැගිට්ටා.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Ficción Generalඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]