📌♥️අනේ මේ කොටස මගේ අතින් ඩිලීට් වුණා.. ආයෙත් ලිව්ව එක තමයි ඔයාලා මේ කියවන්නේ.. හදවත නිකං මගේ පැලිලා වගේ තියෙන්නේ මේ මොහොතේ.. මම පැය තුනකට වඩා මහන්සිවෙලා ලිව්ව මුල හරියම නැතිවුණා... දැන් අලුතින් ලිව්ව ටික හොද නැතුවත් ඇති ඉතිං.. සමාවෙන්න කියලා කියනවා මුලින්ම♥️📌
"මධුමිතා මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද?" මධූ හිටියේ තමන්ගේ රාජකාරී නිමකරලා කයිසරයෙන් තමන්ගේ මිතුරියක් වුණ ස්වේතා එක්ක පිටතට යන ගමන්. මධූ ඉතිං පහට ම තමන්ගේ රාජකාරියට තිත තියන්නේ ඉක්මනටම ගෙදර යන්න ඕනේ නිසා. කයිසරයේ පස් මිතුරන්ගෙන් මධූ තමයි එහෙම පහ වෙද්දී රාජකාරී නිමකලේ. නුරායා වගේම අරවින්ද නම් ඉතිං අනිවාර්‍යයෙන්ම තවත් පැය කීපයක්ම අමතර වැඩ කලේ ඔවුන්ට මුදල් උපයගන්න තිබුණ බලවත් වුවමනාව නිසා. සමාධි නම් ඉතිං උදේ ඉදන් රෑ වෙනකනුත්, රෑ ඉදන් උදේ වෙනකනුත් කයිසරයේ කදවුරු බැදගෙන නැවතිලා ඉන්න තරමටම රදීෂ් එක්ක ආදරයෙන් බැදිලා හිටියේ. ජනිත් නම් ඉතිං පහටම බෝඩිමට යන්න කම්මැලි නිසා තමයි අරවින්ද එක්කම වැඩ කරන්න පුරුදුවුණේ. අනික ජනිත්ට ඕනේ වුණා තමන්ටත් දෙයක් කරන්න පුලුවන් කියලා තමන්ගේ පවුලේ කට්ටියට පෙන්නන්න. ඒ වුණත් අද දවසේ නම් ජනිතුත් කලින්ම කාර්යාලයෙන් පිටවුණේ අරවින්දත් නැති නිසා තමන්ට යන්න වැදගත් තැනක් තියෙනවා කියලා. කොච්චර ඇහුවත් තරුණියන් තිදෙනාටම ඒ තැන වසන් කරපු ජනිත් කයිසරයෙන් යන්න ගියේ, තමන්ගේ යතුරු පැදියේ නැගලා.
"මධූ අක්කේ.. මං ඔයාවත් දාගෙන යන්නද ගෙවල් පැත්තෙන් ගිහින්?" ජනිත් එහෙම ඇහුවත් මධූ එය ප්‍රතික්ෂේප කලේ තමන් සමග බස් රථයෙන් යන මිතුරිය වුණ ස්වේතා නිසා.
ඉතිං මධූ හරියටම පහ වෙද්දී එලියට බහින්නේ වෙන මුකුත් නිසා නෙවේ නිමේෂ් නිසා.
නිමේෂ් ට කන්න හදන්න ඕනේ, නිමේෂ්ගේ රෙදි මදින්න ඕනේ, නිමේෂ්ගේ රෙදි හෝදන්න ඕනේ.. ඉතිං මේම නිමේෂ් ගැනම තමයි මධූගේ හිතේ තිබුණේ.
නිමේෂ්! නිමේෂ්!! නිමේෂ්!!!
ඒ තමයි මධූගේ මුලු ලෝකයම.
නිමේෂ්.... ඒ අකුරු තුනෙන් එහා ලෝකයක් ගැන මධූ දැනගෙන හිටියේ නැහැ.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]