"අනේ... මධූ අක්කේ....."
සමාධි සහ මධූ දෙදෙනාම හිටියේ මධූගේ නිවසෙහියි. අද දින තමන්ගේ නිවසෙහි සමාධි ගත කරන බවට, සමාධිගේ නිවසට දුරකතන ඇමතුමක් මඟින් දන්වන්නට මධුමිතා අමතක කලේ නැහැ. ඒ සමාධි අද දින තනියෙන් සිටිය හැකි මානසිකත්වයක නොසිටී නිසාය. ඔවුන් දෙදෙනා නිවසට පැමිණ හෝරාවක් පමණ ගතවුවත්, තවමත් සමාධි හිටියේ කඳුලු වගුරවමින්. මධූ හිටියේ සිදුවුනු සිදුවීමෙන් තරමක කම්පනයෙන් කිව්වොත් හරි.
"අනේ... මධූ අක්කේ.... මම ගොඩක් ආදරෙයි රදීෂ්ට අනේ... මම ආදරෙයිනේ.... මේ වගේ දෙයක් වෙයි කියලා... මම හීනෙකින්වත් හිතුවේ නැහැ අක්කේ..." ඉකිගගහා අඬන සමාධි දෙස මධූ බලාගෙන හිටියේ හැඟීමකින් තොරවයි.
"අනේ.... එදා මම ඔයාව දැක්කේ නැත්නම් රදීෂ්... කොච්චර හොඳද?" සමාධිගේ මතකය ගලාගෙන ගියේ අතීතය වෙතටයි.
තමන් කයිසරයෙහි රැකියාව කිරීමට පැමිණීමට මාස තුනකට ප්‍රථම එක් දිනක, අහඹු ලෙස මුහුණු පොතින් දුටුව ඒ රුව ඇයගේ හදවතේ ගැඹුරුම තැනක සටහන්වූයේ ඒ පලමු බැල්මෙන්මයි. ඔහුගේ ගිණුමට ඇතුලුවී ඒ මත ඇති 'Relationship' තීරුව මත, 'Single' යන්න දුටූ විට ඒ සිතට දැනුනු හැඟීම් විස්තර කල නොහැකි තරම් ආකාර්ශනීය වුණා.
තමා ඔහු දුටු පලමු මොහොතේම ඔහු වෙතට ඇදී ගියපු අයුරු, අවසානයේ ඔහු පිලිබදව උමතුවක් වන තෙක්ම ඔහු පිලිබදව සෙවූ අයුරු, ඔහු පසුපස ගිය අයුරු.., ඔහුගේ සියලුම සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යනය කරමින්, ඔහු කැමති දේවල් අකැමැති දේවල් ආදී සියලුම දේ සෙවීමට මහන්සිවූ අයුරු... සියලුම දේ සමාධිට නැවත මතක්වෙද්දී ඇය නැවත වතාවක් ඉකි ගහන්න ගත්තේ මේ කිසිවක් තමන්ගේ ජීවිතයේ නොවූවා නම් හොදයි කියලා සිතමින්. නමුත් අවසානයේදී ඒ සියල්ල ඇයගේ ජීවිතයේ සිදුවූවා.
ඇය කයිසරය වෙත පැමිණියේම ඔහු වෙනුවෙන්. ඔහු තමා දුටු ගමන්ම තමන් සමගත් ආදරයෙන් බැදෙයි කියලා සමාධිගේ සිතෙහි පැවතුනේ දැඩි විශ්වාසයක්. ඒ වගේම ඒ විශ්වාසය නිසාම, රදීෂ් තමා දෙස යන්තමින් හැරී බැලුවත්, ඔහු 'සුභ උදෑසනක්' පැතුවත් ඇයට දැනුනේ ඔහුට තමන්ව අතිශයින්ම වැදගත් කියලා. ඔහුට තමන් විශේෂයි කියලා. ඔහු තමන්ට ආදරය කරනවා කියලා.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Fiksi Umumඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]