සඳට පෙම් බඳින්නම්... 🌙💝
91.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
ජනිත් නිදිදෙව්දුවට තුරුළු වීමට බොහෝවේලාවක් උත්සාහ කලත්, කන්වල දෝංකාර දුන්නේ නුරායාගේ සහ සේපාලිකාගේ වදන් පමණි. ඒ දිගැටි දෙනෙත් විටින් විට ඔහුගේ මනස තුළ හොල්මන් කරද්දී ජනිත් තම යහනේ සතර අතට පෙරළුණේ සිතෙහි සියුම් නොරිස්සුමක් ද ඇදෙද්දීයි. නමුත් ඒ නොරිස්සුම කුමක් ගැනද? කාගැනද? යන්නවත් පිළිබඳව ඔහුට වැටහීමක් තිබුණේ නැත. නමුත් සිතට දැනුනේ මහත් අපහසුවකි. ඒ තම සිත එකඟ කරගත නොහැකි වූ අමුතුම යුද්ධයකි.
මේ තරම්ම සංකීර්ණව, බරපතලව විභාග ප්රශ්නයකටවත් පිළිතුරු සෙවූ බවක් ජනිත්ගේ මතකයේ නොතිබුණි.
නමුත් ඇය පිළිබඳව සිතට දැනුනු ඒ හැඟීම් නම් මොහොතකටවත් වියැකී යන බවක් ජනිත්ගේ හදවතට දැනුනේ නැත.
ඒ වෙනුවට ඇයව මතක් කරනා වාරයක් පාසාම හදවතට දැනුනු අමුතුම තිගැස්ම, නැවත නැවත දැනෙන බව පමණයි ඔහුට වැටහුණේ.
නමුත් ගත යුතු තීරණයක් පිළිබඳව තවමත් හරිහැටි වැටහීමක් ජනිත්ගේ සිතට දැනුනේ නැත.
ඕනෑම කරුණක දී එතරම්ම බරපතල වීමට ඔහු දැන සිටියේ නැත.
"මොන $$@%@ යකෝ කරන්නේ නිදාගන්නේ නැතුව?" ඒ සමඟින්ම ජනිත්ගේ හිසෙහි වැදුනේ යමෙක් ගුලි කර ගැසූ රෙදි බෝලයකි.
"ආච්චිට හාල් ගරන්න... තො ගේ මේ කුණු මේස්වලින් මට ගහන එක නවත්තපන් යකෝ.... මොන කෙහෙල් මලක් ද?"
"එහෙනම් නටන්නැතුව හිටහන් යකෝ... මේ මඟුලේ සිග්නල් එකත් යනවා.. තෝ හින්දා තමයි..." මෙවර ජනිත්ගේ පාදයකට ද ඝන අඳුරේම ලැබුණේ දරුණු පා පහරකි.
"කකුල පාගන්න එපා @$$@^@$. තොට මොන $%^$$& වෙලාද නටන්නේ?" රිදුම් දුන් පාදයත් අල්ලාගෙනම ජනිත් සයනයෙහි අසුන් ගත්තේ, තම කාමර සහයකයා අඳුරේම ගොස් ජනේලයක් විවර කරද්දීයි.
සඳ එලිය කාමරය තුළට ගලාගෙන එද්දී යන්තමින් කාමරය ආලෝකමත් වූවා.
"මම ද යකෝ දඟලන්නේ? තෝනේ දඟලන්නේ පටපනුවා වගේ.. නිදාගන්නේ නැද්ද ආහ්?"
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]