"මොකක්ද ජනිත් වෙලා තියෙන්නේ?" නුරායා ඉක්මනින්ම විමසුවේ සිදුව ඇතිදේ වටහාගත නොහැකිවයි.
"දිවැස් තියෙනවා කියලා හිතුවද බං? ගිහින් බලමු.." ජනිත් නුරායාත් එක්කම ඉක්මන් ගමනින් ඇවිදගෙන ගියේ කාර්යාලය දිහාවටයි. ඒ වනවිට සියලුම දෙනා තම අසුන්වලින් නැගිට යම්කිසි වැදගත් දෙයක් වෙත තමන්ගේ අවධානය ලබාදෙන ගමන් හිටියේ. ජනිත් වගේම නුරායාත් කුතුහලාත්මක වතින් ඒ දෙසට ඇදුනේ සිදුවන දේ කුමක්දැයි දැනගැනීමේ වුවමනාවෙන්. සිද්ධිය පැත්තකට වෙලා නරඹමින් හිටිය සමාධි, අරවින්ද වගේම මධූව ඔවුන්ට දැකගන්න පුලුවන් වුණා.
"මොකද බං මේ වෙන්නේ?" නුරායාට අසන්නට වුවමනා වුණ දේම ජනිත් අරවින්දගෙන් විමසුවේ ඒ සමගමයි.
"අනේ මන්දා බං.. මොකක්වුණත් රදීෂ් සර්ගේ අකවුන්ට් එකට නම් හොද ගුලියක් සෙට් වෙනවා වගේ" රදීෂ්ගේ නම ඇසෙද්දීම නුරායා ජනිත් දෙස බලද්දී, ජනිතුත් නුරායා දෙස බැලුවේ මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතමින්.
"ඔය සිතුමි කියන කෙල්ල අඬන්නේ රදීෂ් සර් එයාට කරදරයක් කරන්න හැදුවයි කියලා.." අරවින්ද තම ගෙල කසන ගමන් එසේ පැවසුවේ එවැනි දෙයක් සිදුවේයැයි තමා වුවද විශ්වාස නොකරන බැවිනි.
"මොනාද මේ කියවන්නේ?" නුරායා එක්වරම අරවින්දගෙන් විමසුවේ තරමක් කෝපයෙන් මෙන්ම විමතියෙන්.
"නුරායා අක්කේ... පොඩ්ඩක් කෑ නොගහා හිටපන්කෝ... මුකුත් වෙන්නේ නැහැ.." ඇයගේ උරහිසකින් අල්ලගන්න ගමන් ජනිත් ඇයව වැලැක්වූයේ සිදුවීමට යන දේ පිලිබදව තමාටත් අවබෝධයක් නොවූ බැවින්.
"ඔයාට රදීෂ් මොනාද කලේ සිතුමි?" ඒ හඬ නුරායා හොඳින්ම හදුනන හඬක් විය. එබැවිනුයි ඇය හිස හරවා ඔහු දෙස බැලුවේ. සිතුමි නම් තරුණියගේ උරහිසට අතක් තියාගෙන කතා කරමින් හිටියේ වෙන කවුරුවත් නෙවේ.. මහේෂ් රණ්දෙනියයි. විසල් කරගත් දෑස්වලින් නුරායා ඔහු දෙස බලා සිටියේ ඔහු මේ කිරීමට සූදානම් වන්නේ කුමක්දැයි කියලා.
"ර... දීෂ්.. සර්... මාව.... කාමරේට... දා..." සිතුමි නම් තරුණිය සූස් සූස් ගා සොටු සූරන්න ගත්තේ කතාව අතරමැදමයි.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]