මේ මහා වරුසාවෙත් රදීෂ් හිටියේ තමන්ගේ ලැප්ටොප් පරිගණකයේ වේගයෙන් ටයිප් කරන ගමන්. හෙට රැස්වීමට අවශ්‍ය කරන සියලුම ලියකියවිලි නිම කිරීම ඔහුගේ පියා විසින් ඔහුට භාරදීම පිලිබඳව හිත ඇතුලේ පුදුම පීඩනයක් තිබුණත්, ඒ සියල්ල මනාවට නිම කිරීමේ වගකීම තමන් සතු බව හොඳින්ම දන්නා නිසායි එකදිගට විවේකයක්වත් නොගෙන වැඩ කරන්නේ.
ඒත් එක්වරම ඔහුවත් තිගස්සවන ගමන්ම ඇහුණු අකුණු සද්දෙත් එක්කම තමන්ගේ කාමරයේ දැල්වෙමින් තිබුණු එකම විදුලි බුබුල නිමී ගියෙන් ඔහු වටපිට බැලුවත්, නැවතත් ඔහු වැඩ කරන්න පටන්ගත්තේ, ඒ පිලිබඳව ලොකු තැකීමකින් නොවේ. කොහොමත් ඔහු දල්වාගෙන හිටියේ එලිය බොහෝ සෙයින් අඩු වූ ලෑම්ප් විදුලි බුබුලක්. තවත් මොහොතක් තමන්ගේ ලැප්ටොප් පරිගණකයේ ටයිප් කරමින් සිටී රදීෂ්ගේ අවධානය ලැබුනේ පෙරදී නිවී ගිය විදුලි බුබුල වෙතටයි.
"ජෙනරේටර් එක වැඩ කරන්නේ නැද්ද?" ඔහු තමන්ගෙන්ම එහෙම අහගෙන නැවත වැඩ කරන්න හැදුවත්, එක්වරම ඔහුගේ මතකයට නැගුනේ තමා මෙන්ම රාත්‍රී අමතර වැඩ කරමින් හිටිය නුරායාව. "සුලෝ.. එයාත් වැඩනේ..? ගියාද දන්නේ නැහැ.. ඒත්.. කොයිකටත්.. මම ගිහින් බැලුවා නම් හොදයි.. මේ කට්ට කරුවලේ... තනියම ඉන්නවද දන්නේ නැහැ" ඉක්මනින්ම තමන්ගේ අසුනින් නැඟී සිටී ඔහු, දුරකතනයේ විදුලි පහන දැල්වූවා. පුරුද්දට වගේ විදුලි සෝපානය දෙසට ආව ඔහු, "මෝඩයා..!" යැයි තමාටම කියාගන්න ගමන්, හිසට පහරක් ගහගත්තා. ඉන්පස්සේ ඉක්මනින්ම පඩිපෙල දිගේ උඩට ගියේ නුරායාව හොයාගෙන. ඇයත් පඩිපෙලේ උඩ කොටසේ බිත්තියකට හේත්තු වී සිටිනවා දැක ඔහු පුදුමවිය. අතෙහි රැදුනු විදුලි ආලෝකය ඇය දිහාට එල්ලකරපු රදීෂ්, ඇයව හොඳින් බලන්නයි උත්සාහ කලේ. විදුලි ආලෝකයෙන්, ඇයගේ කම්මුල් දිගේ රටා ඇඳ තිබුණු තෙත කඳුලු බින්දු රිදී පැහැයෙන් දිදුලද්දී. ඔහුව දැක නැවතත් ඒ ඇස් කඳුලින් තෙත් වී වේගවත් කඳුලු ඇයගේ කම්මුල පුරා රූරා හැලෙනවා ඔහු බලාගෙන හිටියේ තරමක් විස්මයෙන්.
එක්වරම ඔහු අසලට දිව ආ ඈ, ඔහුව වැළඳගත්තේ ඒ තෙත කම්මුල් ඔහුගේ පපුවේ රුවමින්.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
General Fictionඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]