සඳට පෙම් බඳින්නම්... 🌙💝
76.⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡♥⚡
"මේ... මේක?" නුරායා විසල් කරගත් දෑස්වලින් ඔහු දිහා බැලුවේ, ඒ කවරය තුළ තිබුණු දේ පිළිබඳව සිතාගත නොහැකිවද්දී.
"හ්ම්ම්.. හ්ම්ම්...." තරමක් ආඩම්බර ස්වරයෙන් රදීෂ් එලෙස පැවසුවේ තමන් තෝරාගත් ත්‍යාගය පිළිබදව සතුටක් දැනෙද්දී.
"අනේ.. මේක කවද්ද ඔයා ගත්තේ? මේක...ට මං ආ..සයි.." නුරායා කවරයෙන් පිටතට ගත්තේ එහි තිබුණු අතිශයින්ම අලංකාරවුණු රතු ගවුමයි. එය සාමාන්‍යය ගවුමක් නොවූ අතර ඔවුන් දෙදෙනාටම අතිශයින්ම විශේෂ මතකයක් වූවා. එය තමයි වැලන්ටයින් සාදයට සහභාගීවීමට සමාධි විසින් ඇයට තෝරලා දුන්න ගවුම. නුරායා එදින ඒ ගවුමට ඇලුම් කලත්, සිදුවුණු දේවල් එක්ක ගවුම පිළිබඳව අදහස අතාරින්නට සිදුවුණානේ. නමුත් අද.., ඇයගේ ඉදිරියේ තියෙන්නේ ඒ ගවුමමයි..
"ඕක ගත්තේ.. එදා.. අපි දෙවෙනි පාරට ඒ ෂොප් එකටම ගියා මතකද? ගෞරව් ආව දවසේ..." ඒ ලද තොරතුරත් සමගම නුරායාගේ දෑස් විසල් වූයේ, ඒ සිදුවීම සිදුවී බොහෝ කාලයක් ගත වී තිබුණු නිසයි.
"ඒ..ත්.. ඒ ගොඩක් කල්නේ.."
"හ්ම්ම්.. හ්ම්ම්..."
"එතකොට... හදිසියේවත් මම ඔයාට කැමති නැහැ කිව්වා නම්..?"
"එහෙම වුණා නම් ඉතිං මොනාකරන්නද? ඔයාගේ බර්ත්ඩේ එකකට හරි දෙනවා කියලා හිතාගත්තා මම" රදීෂ් එලෙස පවසද්දී නුරායා සිනාසී ඔහු දෙස බලා රදීෂ්ගේ කොපුලක් මිරිකුවේ සිනාසෙමින්මයි.
ඒ සිනාවෙන්ම ඇය ඒ අලංකාර ගවුම තමන්ගේ සිරුරට තියලා කැඩපත දිහාට හැරුණේ හැඩ බලන්න.
"අනේ මේක මට ම යි නේද?" නැවත වතාවක් සිනාසෙමින්ම නුරායා විමසද්දී නම් රදීෂ් ඈ දිහාට පා කලේ තරමක තියුණු බැල්මක්.
"නැත්නම් ඉතිං මටවැයි..? විකාර කියවන්නේ නැතුව ඕක ඇඳලා පෙන්නන්නකෝ නූ.." අවසානයේ ඔහු තරමක ආයාචනයක් ලෙසයි එලෙස පැවසුවේ.
"මේ දැන්? මේ දාඩිය පිටින්?"
"ඔව් ඔව්... මට බලන්න ඕනේ... අනේ.. බර්ත්ඩේ ගිෆ්ට් එකක් කියලා හිතන්න.." තමන්ගේ අවසාන තුරුම්පුවෙනුත් නුරායාට රදීෂ් එලෙස දමලා ගසද්දී, දෑස් කරකවමින්ම නුරායා රදීෂ්ව නිදන කාමරයෙන් පිටතට තල්ලු කලේ ගවුම අදින පොරොන්දුව පිට.
YOU ARE READING
Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 01 ✓
Ficção Geralඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]